32 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවේ අර්බුදයට රුසියාව වගකිව යුතුයි..! – යුක්‍රේනය

- Advertisement -

ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුක්රේනය රුසියාවට දොස් නගනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ලොව පුරා රටවල් රැසකට බලපැම් එල්ල කර ඇති බව හා ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයට ද එය එක් හේතුවක් බවයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසා ඇත්තේ.

යුක්රේන ආක්‍රමණය හමුවේ ලොව පුරා ආහාර අර්බුදයක් නිර්මාණය වූ බවත් එය රටවල් රැසක නොසන්සුන්තාවලට බලපා ඇති බවත් යුක්රේනය චෝදනා කරනවා.

යුක්රේනය ආක්‍රමණය කිරීමේදී රුසියාව භාවිතා කර ඇති එක් උපක්‍රමයක් වන්නේ “ආර්ථික කම්පනයක්” ඇති කිරීම බවයි යුක්රේන ජනාධිපතිවරයා චෝදනා කරන්නේ. එමෙන්ම, පවතින අර්බුදය සහ සැපයුම් දාමයේ කඩාකප්පල් වීම හේතුවෙන් රටවල් රැසක් ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති අතර, ශ්‍රී ලංකාවට ද එහි බලපෑම් එල්ල වී ඇති බවත් එය රුසියාවේ න්‍යාය පත්‍රයේ ප්‍රතිපලයක් බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් චෝදනා කරන්නේ.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...