28.9 C
Colombo
Friday, April 26, 2024

තවත් දකුණු කොරියානු සමාගමක් චීනයෙන් යයි

- Advertisement -

චීනයේ සෙයිජියෑන්ග් ප්‍රාන්තයේ නින්ග්බෝ හි ස්ථාපිත කර තිබූ සිය කර්මාන්ත ශාලාව ඉවත් කිරීමට ලෝක ප්‍රකට දකුණු කොරියානු නැව් සමාගමක් වන සැම්සුන්ග් හෙඩි ඉන්ඩස්ට්‍රීස් සමාගම තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වාර්ෂිකව නැව් සදහා අවශ්‍ය කොටස් ටොන් ලක්ෂ දෙකක් පමණ නිෂ්පාදනය කළ මෙම කර්මාන්ත ශාලාව වසා දමා එහි සේවකයන්ට වන්දි ලබාදී කටයුතු අවසන් කිරීමට සැම්සුන්ග් හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම තීරණය කර ඇති බවයි.

ඇමරිකාව සහ වෙනත් බටහිර රටවල් විසින් පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් චීනයේ ඇති කර්මාන්ත ශාලා ඉවත් කර ගැනීමට බොහෝ විදේශ ආයෝජකයෝ පියවර ගනිමින් සිටිති.

ඒ චීනයේ නිෂ්පාදනය කරන ලදී යන ලේබලය යටතේ සිදුකරන නිෂ්පාදනයන් සදහා ඉදිරියේදී ලෝක වෙළෙදපල තුළ දැඩි ආර්ථික සම්බාධකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට එම නිෂ්පාදකයන් විසින් හදුනාගෙන තිබීමයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...