දිවයින පුරා පවතින පාසල් වසා දැමීමකින් තොරව තවදරුටත් පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් ඒ ඒ ප්‍රදේශයන්හී පවතින තත්වය සැළකිල්ලට ගනිමින් පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සමඟ සාකච්ඡා කර විදුහල්පතිවරුන් හට පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය කිරීමට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.
එමෙන්ම කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණයක් ලබාදෙන තෙක් පාසල් පවත්වනු ලබන බවත් ජනවාරි 11 වනදා සිට පාසල් පවත්වනු ලැබූ ක්‍රමවේදයට අනුව පාසල් පවත්වාගෙන යන බවත් ඔහු සදහන් කරනවා.