30.3 C
Colombo
Friday, April 26, 2024

පොලිසියට උගන්න එපා..! – ආරක්ෂක ලේකම්ගෙන් කාදිනල් හිමිට සැර පිළිතුරක්

- Advertisement -

බොරැල්ල දේවස්ථානයකින් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරගන්නා බවට රටේ ජනතාවට තමා සහතිකයක් ලබාදෙන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඒ, අද (15) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

කෙසේ නමුත් සිද්ධිය වාර්තා වී පැය 24ක් ගතවීමටත් පෙර එම සිද්ධිය ගැන සිදුකරන පොලිස් විමර්ශන විවේචනය කිරීම සාධාරණ නොවන බවයි කාදිනල්තුමන්ගේ චෝදනා සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ.

කාදිනල්තුමන් සිතනවාට වඩා ඒ සම්බන්ධයෙන් වඩා හොඳින් පරීක්ෂණ පැවැත්වීමට පොලිසියට සහ රහස් පොලිසියට හැකියාවක් ඇති බවත් ඔවුන්ට පරීක්ෂණ සිදු කරන අන්දම කාදිනල්තුමන් ඉගැන්විය නොයුතු බවත් ඔහු පවසනවා.

මාධ්‍යවේදියා – “බොරැල්ලේ ක්‍රිස්තියානි දෙවස්ථානයක අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් කාදිනල්තුමා දිගින් දිගටම චෝදනා කරනවා ?”

ආරක්ෂක ලේකම් –

“පරීක්ෂණයක් පැවැත්වෙනවා කියන්නේ පැය 2ක් 3ක් ඇතුලත අවසන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා යම්කිසි කාලයක් අවශ්‍යයි. සිද්ධියක් වෙලා පැය 24ක් ඇතුලත ඒ සිද්ධිය ගැන විවේචනය එල්ල කළාට ඒක මං හිතන්නේ නෑ සාධාරණයි කියලා.

අත්බෝම්බයක් හමුවෙලා තියෙනවා. ඒ බෝම්බය එතනින් තියපු කෙනාව අපි අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඒ මාර්ගයෙන් ගිහිල්ලා තව අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම කරන්න තියෙනවා. එ්වා කරගෙන යනවා. පැය 2ක 3ක් ඇතුතල එහෙම නැතිනම් පැය 24ක් ඇතුලත මේ පරීක්ෂණ අවසන් කරලා අත්අඩංගුවට ගැනීම් සිදුකරන්න පුළුවන් නම් එක ප්‍රාතිහාර්යක් විය යුතුයි.

මම ආරක්ෂ ලේකම් විදියට සහතියක් දෙනවා රටේ ජනතාවට මේ සම්බන්ධයෙන් සියලුම පුද්ගලයින් නීතියේ රැහැනට ගෙනවා කියලා.”

මාධ්‍යවේදියා – “කාදිනල්තුමා චෝදනා කරනවා උදේ සිට CCTV දර්ශන නරඹන්නේ නැතුව මේ පුද්ගලයා ආරක්ෂා කරන්නද හවස 3න් පස්සේ CCTV දර්ශන නරඹන්නේ කියලා ?”

ආරක්ෂක ලේකම් –

“මම හමුදා නිලධාරියෙක්. මම දන්නවා යුද්ධ කරන්න. නමුත් ඔය වගේ විමර්ශන දේවල් කරන්න මට තියෙනවාට වඩා දැනුමක් රහස් පොලීසියට තියෙනවා. කාදිනල් වහන්සේ එහෙම ප්‍රකාශ කළාට, උන්හන්සේ හිතනවාට වඩාදුර හිතලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න රහස් පොලීසියටත්, පොලීසියටත් හැකියාව තියෙනවා.

ඒ අයට පරීක්ෂණ කරන විදිය උගන්නන්නේවත් ඒ පරීක්ෂණ කරන විදිය විවේචනය කරන්නෙවත් නැතුව පොඩ්ඩක් ඒ පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. තව දවස් කිහිපයක් යනකොට විස්තර මහජනතාවට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම කාදිනල් උන්නාන්සේටත් දැන ගන්න පුළුවන් වෙයි.”

මාධ්‍යවේදියා – “ඒ වගේම පොලිස්පතිට බැරිනම් කෝට් එක ගලවලා යන්න කිව්වා. ඔබතුමා ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවාද ?”

ආරක්ෂක ලේකම් –

“කාදිනල් හිමියන්ට මගේ තියෙන ගෞරවය නිසා.. මොකද උන්වහන්සේ නෙමෙයි පොලිස්පතිතුමාට කොට් එක දුන්නේ. මම දන්නේ නෑ කාදිනල් හිමියන්ට අයිතියක් තියෙනවාද කියන්න පොලිස්පතිතුමාගේ කොට් එක ගලවලා යන්න කියන්න. නමුත් එක උන්වහන්සේගේ අදහස වෙන්න පුළුවන්. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. පොලිස්පතිතුමා නම් ඔය කිව්ව පමණින් කෝට් එක ගලවලා යන එකක් නෑ. නමුත් පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන පරීක්ෂණ නිසිපරිදි මෙහෙයවනා කියන එක මම ආරක්ෂක ලේකම්වරයා හැටියට දන්නවා.”

RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...