27.5 C
Colombo
Sunday, April 28, 2024

ඔබටත් අභ්‍යාවකාශයට යන්න අවස්ථාවක්

- Advertisement -

බ්‍රහස්පති වෙත දියත් කිරීමට නියමිත සිය මීළඟ මෙහෙයුමේදී පෘථිවියේ වෙසෙන ඕනෑම අයෙකුගේ නම් කිලෝමීටර් බිලියන ගණනක් දුර අභ්‍යවකාශයට රැගෙන යාමට අවස්ථාව ඇති බව නාසා ආයතනය නිවේදනය කරනවා.

පෘථිවියෙන් එහා ජීවය සොයා යනා ගමනේ නාසා ආයතනයේ මීළඟ නැවතුම වන්නේ ‍බ්‍රහස්පතිගේ උපග්‍රහයෙක් වන යුරෝපා යි.

යුරෝපා උපග්‍රහයා තවදුරටත් ළඟින් නිරීක්ෂණය කිරීම සඳහා නාසා ආයතනය විසින් Europa Clipper නමැති චන්ද්‍රිකාවක් යැවීමට මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා.

අයිස් ස්ථරයකින් වැසුණු මුහුදකින් සමන්විත වෙන යුරෝපා ග්‍රහයාගේ අයිස් කබොල්ලට ඔබ්බෙන් ජීවයේ පැවැත්ම සඳහා උපකාරී වන සාගර තත්වයන් පවතීද යන්න නිරීක්ෂණය කිරීම මෙම චන්ද්‍රිකාව යැවීමෙහි අරමුණ බවයි වාර්තා වෙන්නේ.

මෙම චන්ද්‍රිකාව තුළ මිනිසුන්ගේ නම් සටහන් කිරීමට හැකි චිපයක්  අන්තර්ගත කිරීමට නාසා ආයතනය සැලසුම් කර ඇති අතර ඒ සඳහා ඔබේ නමත් යොමු කිරීමට අවස්ථාව තිබෙනවා.

පහත සබැඳිය තුළට පිවිසීමෙන් ඔබේ නමත් කිලෝමීටර් බිලියන ගණනක් දුර අභ්‍යවකාශයට යොමු කළ හැකි වෙනවා.

https://europa.nasa.gov/message-in-a-bottle/sign-on/

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...