33 C
Colombo
Saturday, May 4, 2024

බරපතල ලෙස අපයෝජනයට ලක්වෙන්නේ පොලීසිය-ඩලස් අලහප්පෙරුම

- Advertisement -

මෙම වසර තුළ හමුදාවේ 27,000ක පිරිසක් ඉවත්වීමට හේතුව සොයාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අයවැය කාරක සභා විවාදයට අද (23) එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ,

“දේශපාලකයින්ට පසුව වැඩියෙන්ම බැණුම් අහන කණ්ඩායම ඉන්නේ පොලීසියේ. අනෙක් කරුණ ඉතිහාසය පුරාම දේශපාලකයින් විසින් බරපතළ ලෙස අපයෝජනයට ලක් කළ ආයතනයක් වේ නම් ඒ තමයි පොලීසිය.”

“යුද හමුදාවේ දෙවනියාගේ (යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි) තනතුරේ ඔක්තෝබර් 13 සිට මේ දක්වා දින 40ක් පුරප්පාඩු වෙලා තිබෙනවා. මේ නිසා හමුදාවන් ඇතුළේ ගැටලුවක් මතුවෙලා.

“පොලිස්පති ධුරයටත් ඒක තමයි වෙලා තියෙන්නේ.”

“ඒ වගේම 2023 වසර තුළදී යුද හමුදාව ඇතුළේ 27,000කට ආසන්න පිරිසක් සේවය අත්හැර ගිහින් තිබෙනවා. එක්කෝ විශ්‍රාම ගිහින්. නැතිනම් සේවය අතහැර ගිහින්. එක්කෝ ඉල්ලා අස්වෙලා. ඒ කියන්නේ මොනාහරි ගැටලුවක් තිබෙනවා. ඒක හොයන්න ඕනේ.”

“මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අවිශ්වාසයක් සමාජය තුළ ඇතිවෙලා. අවිනිශ්චිතභාවය පිළිබඳ හැගීමක් මතුවෙනවා.”

“ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් ඇමතිවරයෙක් මේ සභාවෙදිත් කිව්වා ජනාධිපති ලේකම් කාර්යාලයට යන්න බයයි කියලා. ඔහුගේ ජීවිතයට තර්ජනයක් තිබෙනවා කියලා පොලීසියට පැමිණිලි කර තිබෙනවා.”

“මේ අවුරුද්ද දිහා බැලුවොත් හැම මාසෙකට සාහසික මනුෂ්‍ය ඝාතන 50ක් පමණ සිදුවෙනවා. ඒ කියන්නේ පැය 14කට වරක් එක මනුෂ්‍ය ඝාතනයක් සිදුවෙනවා.”

“නීතියේ ප්‍රමාදය පොලීසිය පාලනය කරන්න පුළුවන් කාරණයක් නොවෙයි. පොලීසියේ භෞතික පහසුකම්වල විශාල කඩාවැටීමක් සිදුවෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ පොලීසියට රාජකාරී කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. මේවා හදාගත්තේ නැත්නම් තත්ත්වය තවත් බරපතළ වෙයි”

RECENT ARTICLES - SINHALA

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

ග්‍රාම නිලධාරීන් අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන...

වැටුප් ප්‍රශ්නෙදී මම සහය දෙන්නේ කම්කරුවන්ට – රනිල්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. වතු හාම්පුතුන් පවරන්නට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...