29 C
Colombo
Wednesday, March 29, 2023

ශානි අබේසේකරට හෘදයාබාධයක්

- Advertisement -

හෘදයාබාධයක් ඇති වීම හේතුවෙන් ශානි අබේසේකර මහතාව ප්‍රතිකාර සදහා වැලිකන්ද රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

නොවැම්බර් 26 දින රාත්‍රියේදී මෙලෙස මාරු කර යවා ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී හේතුවෙන් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාව වැලිකඩ බන්ධනාගාරය වෙතා මාරු කර යවා තිබුණි. නොවැම්බර් 25 වන රාත්‍රියේදී අබේසේකර මහතාව විශේෂ ආරක්ෂාවක් සහිතව පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි සිරකරුවන් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානය වෙත මාරු කර යවා තිබුණි.

මානව හිමිකම් කොමිසම

අසනීප තත්ත්වයේ පසුවන ශානි අබේසේකර මහතාට ගල්ලෑල්ල රෝහලේ ප්‍රතිකාර කිරීමට පහසුකම් නැති හෙයින් වැලිකන්ද රෝහලට මාරු කර යවන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ (26) ලිපියක් මගින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතාට නිර්දේශ කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව එම කොමිසම මෙලෙස නිර්දේශ ⁣කර ඇත. ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය හෝ ඔහු සිටින ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවට ශානි අබේසේකර මහතාගේ පවුලේ අය කොමිසමට දන්වා ඇති බව ද මානව හිමිකම් කොමිසම යැවූ ලිපියේ දක්වා තිබේ.

සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති අබේසේකර මහතා ගල්ලෑල්ලේ පිහිටි සිරකරුවන් සඳහා ප්‍රතිකාර කරන මධ්‍යස්ථානය වෙත මාරු කර යවා ඇති බව දැන ගැනීම පුදුමයට කරුණක් බව ද ඊට වඩා හොඳ ප්‍රතිකාර පහසුකම් වැලිකන්ද ප්‍රතිකාර රෝහලෙන් ලබා ගත හැකි බවද මානව හිමිකම් කොමිසම සිය ලිපියේ දක්වා තිබිණි. ඒ අනුව අබේස්කර මහතා වැලිකන්ද ප්‍රතිකාර රෝහලට මාරු කිරීම වඩාත් සුදුසු බවත් එහි සඳහන් විය.

RECENT ARTICLES - SINHALA

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

ජාතික රූපවාහිනියත් විකුණන්න යයි

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අසංග ජයලත් විසින් සේවකයන් වෙත ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත් වන්නේ නම් ඒ සඳහා අදාළ අයදුම්පත් ඉදිරිපත් කරන...

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...