27 C
Colombo
Sunday, April 2, 2023

විකිරණශීලී ද්‍රව්‍ය සහිත නැව හම්බන්තොට වරායෙන් ඉවතට

- Advertisement -

හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ චීන නැවේ විකිරණශීලී ද්‍රව්‍ය ඇති බවට හෙළිවීම හේතුවෙන් එම නැවට වහාම එම වරායෙන් පිටත්වන ලෙස දැන්වූ බව පරමාණුක බලශක්ති නියාමන සභාව පවසනවා.

නෙදර්ලන්තයේ සිට චීනය බලා යාත්‍රා කළ නෞකාවක් යාන්ත්‍රික දෝෂයකට ලක්වීම හේතුවෙන් එය හම්බන්තොට වරායට ඇතුළු කිරීමට අවසර ඉල්ලා තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට වරායේ ප්‍රධානියා විසින් ඊට අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නෞකාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවකදී එහි විකිරණශීලි ද්‍රව්‍ය ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමඟ වරාය ප්‍රධානියා විසින් ඒ සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති නියාමන සභාවට දැනුම් දී තිබෙනවා.

අනතුරුව එහි නිලධාරීන් විසින් නෞකාව වහාම ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති අතර අද (21) උදෑසන වන විට නෞකාව හම්බන්තොට වරායෙන් ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් නිසි දැනුම්දීමකින් තොරව විකිරණශීලි ද්‍රව්‍ය ගබඩා කළ එම නෞකාව හම්බන්තොට වරායට ඇතුළු කිරීම සම්බන්ධයෙන් නැව් සමාගමේ මෙරට නියෝජිතවරයාට ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...