29 C
Colombo
Thursday, March 23, 2023

සිංහරාජ හෝටලය නීත්‍යානුකූලයි…! චෝදනා කළොත් නීතිය ඉදිරියට..! – චිචී අනතුරු අඟවයි

- Advertisement -

මැයි 09 දා ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර ගිනි තැබූ සිංහරාජ වනාන්තරය ආසන්නයේ වූ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂට අයත් බව සමාජ ක්‍රියාකාරීන් චෝදනා ක‍ර සිටියා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් රෝහිත රාජපක්ෂ කියා සිටියේ අදාළ ප්‍රදේශයේ තමාට හවුල් දේපළක් ඇති බවත්, එම හෝටලය සියලු නීතිමය අවශ්‍යතා සපුරාලීමෙන් පසුව ඉදිකරන ලද්දක් බවත්ය.

යම් වරදක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ හැකි බව ද රෝහිත රාජපක්ෂ එහිදී කියා සිටියා.

සර්ව-පාර්ෂවික අරගලකරුවෝ ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක නිරාෂාන් විතානගේ මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ අදාළ නිවාඩු නිකේතනයේ අයිතිය පිළිබඳ සත්‍ය අසත්‍ය සොයා බලන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවයි.

නිසි ආදායම් මාර්ගයක් නොමැති රෝහිත රාජපක්ෂට මෙවැනි හෝටලයක් හිමිවන්නේ කෙසේදැයි පුවත්පතක් උපුටා දක්වමින් ඔහු ප්‍රශ්න කරසිටියා.

මෙම නිවාඩු නිකේතනය ඉදිකිරීම් අතරතුර දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බවත්, හෝටලයේ අපද්‍රව්‍ය බැහැර කරන්නේ කොතැනටද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බවත් සමගි ජනබලවේගයේ බණ්ඩාරගම සංවිධායක නයනක රන්වැල්ල චෝදනා කර සිටියා.

මෙම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් රෝහිත රාජපක්ෂ කියා සිටියේ එවැනි චෝදනා කරන අය නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සූදානම් විය යුතු බවයි.

කෙසේවෙතත්, හෝටලයට ගිනි තැබූ විගස මාධ්‍ය වාර්තා කොට තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතාට එම හෝටලය අයත්ව තිබූ බවකි. නමුත් වහාම යෝෂිත රාජපක්ෂ මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ එම හෝටලය තමන්ට අයත් එකක් නොවන බවයි.

නමුත්, පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී පසුව අනාවරණය වී තිබුණේ එම හෝටලය යෝෂිතගේ සොයුරු රෝහිත රාජපක්ෂ මහතාට අයත් එකක් බවයි.

කෙසේ නමුත් සිංහරාජ ග්‍රීන් ඉකෝ ලොජ් හි හිමිකරු වශයෙන් එවකට පෙනී සිටියේ රවිඳු සොයිසා නම් පුද්ගලයෙක් වන අතර ‘The Morning’ පුවත්පත කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙය ගම්වාසීන් සහ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් විසින් නිර්මාණය කරන ලද පුද්ගලික සහ දේශපාලන ප්‍රශ්නයක් පමණක් බවයි.

රාජපක්ෂ පවුල සමඟ ඇති සම්බන්ධය පිළිබඳව ප්‍රශ්න කළ විට ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය ඔහුගේ පෞද්ගලික කාරණයක් මිස පුවත්පතට අදාල දෙයක් නොවන බවයි. ගොංගල ප්‍රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු සිංහරාජ ග්‍රීන් ඉකෝ ලැගුම්හල සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් එම ස්ථානයට යාමට වෙනත් ප්‍රවේශ මාර්ග ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

‘ද මෝනිං’ කළ විමසීමකදී එවකට අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී, ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ පැවසුවේ සිංහරාජ ග්‍රීන් ඉකෝ ලැගුම්හල සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, මෙම නඩුව මීට වසරකට පෙර පරිසරවේදියකු විසින් පවරා ඇති බවත් ය.

“ඊට පස්සේ මේ ප්‍රශ්නය ප්‍රසිද්ධියේ මතු නොකළ නිසා මම කිසිම පියවරක් ගත්තේ නැහැ. මට සිංහරාජයේ ඉඩමක් නෑ. ඔය කියන ලැගුම්හල මට අයිතිත් නැහැ. සිංහරාජ ග්‍රීන් ඉකෝ ලැගුම්හලේ හිමිකරු රවිඳු සොයිසා සමඟ මගේ පෞද්ගලික සම්බන්ධයක් නැහැ.”

තමාගේ දේශපාලන පසුබිම මත තමාව ඈඳාගත් බවද ඔහු කියා සිටියේය.


RECENT ARTICLES - SINHALA

Breaking : තැපැල් ඡන්ද යළිත් කල් යයි

0
පළාත් පාලන මැතිවරණ⁣යේ තැපැල් ඡන්දය දැනට නියම කර ඇති දිනවල නොපැවැත්වෙන බව, මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. පළාත් පාලන මැතිවරණය...

ශ්‍රී ලංකන්, හිල්ටන්, ලිට්‍රෝ විකුණා දැමීමට අනුමැතිය..!

0
2023 මාර්තු 13 වැනි දින එළැඹුණු කැබිනට් තීරණයකට අනුව ව්‍යවසායන් කිහිපයක රජය සතු කොටස් ඉවත් කිරීමට තීරණයකට එළැඹ ඇති බව මුදල් අමාත්‍යවරයාගේ...

ඩයනාගේ නඩුව ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...