27.2 C
Colombo
Saturday, April 27, 2024

SLIIT 2021 වර්ණ රාත්‍රිය උත්කර්ෂවත් අයුරින් අවසන් වෙයි

- Advertisement -

2019 සහ 2020 වසර තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස මහන්සිය හා ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් SLIIT හි ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ඒකකය විසින් 2021 වසර සඳහා වර්ණ රාත්‍රියක් පසුගියදා පවත්වන ලදී.

සෞඛ්‍ය සහ පූර්ව ආරක්‍ෂිත හේතුන් මත මෙම උත්සවය සැසි දෙකකින් සංවිධානය කරනු ලැබිණි. එහි පළමු සැසිවාරය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහභාගි වූ අතර දෙවන සැසිය සඳහා ICC Hall of Fame සාමාජිකාවක් වූ ශ්‍රී ලංකා ඔලිම්පික් සභාපතිනි ශ්‍රියානි කුලවංශ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී විය.

මෙම වර්ණ ප්‍රධාන උත්සවයේදී SLIIT විසින් 2019 සහ 2020 වසර සඳහා ක්‍රීඩා කාණ්ඩ 12 ක කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකු සඳහා වර්ණ ප්‍රදානය කරන ලදී.

බැඩ්මින්ටන් ක්‍රීඩාවේදී දැක්වූ දස්කම් වෙනුවෙන් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සම්මානය බුවනෙක ගුණතිලකට හිමි විය. ඔහු 2018 වසරේදී පැවති පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී 4 වැනි ස්ථානයට පත් වූ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ හොඳම 8 දෙනා අතරට තේරී පත්විය. 2019 වසරේදී ඔහු ආරක්‍ෂක විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය, NCPBA විවෘත බැඩ්මින්ටන් ශූරතාව සහ XLV ජාතික ක්‍රීඩා උළෙල සඳහා පිරිමි කේවල අංශ ශූරයා සහ පිරිමි යුගල අංශ ශූරයා ලෙස සම්මාන දිනා ගත්තේය.

පැසිපන්දු, නෙට්බෝල් සහ මලල ක්‍රීඩා සඳහා දැක්වූ දක්ෂතා වෙනුවෙන් වසරේ විශිෂ්ඨතම ක්‍රීඩිකාව ලෙස තරින්දි අලස් සම්මාන හිමි කරගනු ලැබුවාය.

ඇය SLIIT ක්‍රීඩා කවුන්සිලයේ සභාපති සහ SLIIT පැසිපන්දු කණ්ඩායමේ නායිකාව ද වේ. ඇයගේ නායකත්වය සමයේ Futsal සහ Tag Rugby වැනි නව ක්‍රීඩා දෙකක් හඳුන්වා දෙන ලදී. SLIIT කණ්ඩායම් අනෙකුත් විශ්ව විද්‍යාල සමඟද තරඟාවලි සඳහා මුහුණ දෙනු ලැබූ අතර ඉන් සාර්ථක තරඟ ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත.

SLIIT හි වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස ඔමාල් අලහකෝන් සම්මාන ලබාගත් අතර ඔහුගේ ක්‍රීඩා වූයේ පාපන්දු සහ Futsal ක්‍රීඩාවයි. ඔහුගේ ජයග්‍රහණ ලැයිස්තුවට 2017 වසරේ සිට 2019 වසර දක්වා SLIIT Futsal නායකත්වය දැරීම, 2018 වසරේ SLIIT ක්‍රීඩා කවුන්සිලයේ උප සභාපති තනතුර දැරීම සහ තරඟාවලි ශූරතා රැසක් දිනා ගැනීමට සමත් වීම හා Futsal කණ්ඩායමට සහාය ලබා දීම යන කාරණා ඇතුළත් විය.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...