30.3 C
Colombo
Friday, April 26, 2024

පාර්ලිමේන්තුව අරාජික වීමට කතානායක වගකිව යුතුයි – අනුර

- Advertisement -

වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සම්පූර්ණයෙන්ම පෙනී සිටින්නේ තමන්ගේ කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

ඒ, අද (06) ජවිපෙ මුලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෝ මන්ත්‍රීවරුන්ගේ අයිතීන් හෝ කිසිවක් නොසලකා කථානායකවරයා කටයුතු කරමි සිටින බවත් මෙම තත්වය මත පාර්ලිමේන්තුව තවදුරටත් පලක් නැති ආයතනයක තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“පාර්ලිමේන්තුවේ විශාල අරාජිකත්වයක් නිර්මාණයවී තිබෙනවා. කාරක සභා අවස්ථාවේදී විවාදයක් පවත්වාගෙන යා යුතු වන්නේ කලින් දැනුම්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් වැය ශීර්ෂයක් කපා හැරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පමණයි. එසේ නැත්නම් එම වැය ශීර්ෂයම අහෝසි කළ යුතුයි කියා යෝජනාවක් ගෙන ආ යුතුයි. එවැනි යෝජනාවක් විපක්‍ෂයෙන් ගෙන ඒම ස්ථාවර නියෝග අනුව පිළිගෙන තිබෙනවා. එවැනි යෝජනාවක් ගෙන එන්නේ නැත්නම් කාරකක සභා අවස්ථාවේදී විවාදයක් පැවැත්වෙන්නේ නැහැ. එම වැය ශීර්ෂය විවාදයකින් තොරවම සම්මත වෙනවා. එවැනි යෝජනාවක් නැතිව ස්ථාවර නියෝග කඩකරමින්, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, මන්ත්‍රීවරුන්ගේ අයිතීන් කිසිවක් නොසළකා කටයුතු කරමින් සිටිනවා. ඔහු මුළුමනින්ම පෙනී සිටින්නේ තමන්ගේ කඳවුරේ ආරක්‍ෂාව වෙනුවෙන් පමණයි.

ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම බරපතළ වියරුවකට පත්වී තිබෙනවා. සෑම පැත්තෙන්ම ආණ්ඩුව අසාර්ථකභාවයට පත්වන විට, ආණ්ඩුවේ වංචා-දූෂණ ජනතාවට හෙළිකරව් වනවිට, පොහොර ප්‍රශ්නය පාර්ලිමෙන්තුවේ ඉදිරිපත් කරන විට, ගෑස් අර්බුදය, භාණ්ඩ මිල ඉහළ යාම, වැනි ප්‍රශ්න ඉදිරිපත් කරන විට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් වියරුවෙන් මඩ ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී තිබෙනවා.”

RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...