27.9 C
Colombo
Tuesday, April 30, 2024

කිරුම් මිනුම් දෙපාර්තුමේන්තුව අවුරුද්දට බරටම වැඩ

- Advertisement -

සිංහල දමිළ අලුත් අවුරුදු කාලපරිච්ඡේදය තුළ වංචනික ලෙස කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන වෙළෙන්දන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂා කිරීම් ආරම්භ කර තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරාවට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ බදුල්ල කාර්යාලයේ නිලධාරීන් විසින් මෙලෙස විශේෂ පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබුණා.

මෙහිදී බදුල්ල නගරය හා දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරවල වෙළඳසැල්, මහජන පොළ, සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්ම ක්‍රියාත්මක කරන ලද විශේෂ වෙළඳ කුටි සහ පොළ පරීක්ෂාව ලක් කෙරුණා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි සිදු කරන ලද මෙම විශේෂ පරීක්ෂාවේදී, වෙළඳසැල් හා ව්‍යාපාරික ස්ථාන 635 ක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී වැරදි කිරුම් හා මිනුම් උපකරණ භාවිතා කළ සහ නියමිත බර නොමැතිව භාණ්ඩ අලෙවි කිරීම් සම්බන්ධයෙන් වංචා සිදු කළ පුද්ගලයින් දස දෙනෙකුට විරුද්ධව නීතිමය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, විශේෂ දැනුවත් කිරීම් 110 ක් හා පෙර ඇසුරුම් පරීක්ෂාවන් 80 ක්ද මෙහිදී සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...