28.9 C
Colombo
Saturday, April 27, 2024

චීන කාබනික පොහොර වලට පරික්ෂා නොකර ගෙවන්න ලංකාව එකඟ වෙලා..! – CEO, මහජන බැංකුව

- Advertisement -

චීන කාබනික පොහොර සඳහා වන ණයවර ලිපියට අදාල ගෙවීම් සිදු කිරීමට මහජන බැංකුවට නොහැකි වූයේ අධිකරණ වාරණ නියෝගයක් හේතුවෙන් බව එම බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා පවසනවා.

ඒ, යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

පොහොර සාම්පල පරීක්ෂාවට පෙරම, කොන්දේසි මාලාවකට අනුකූලව ණයවර ලිපිය විවෘත කළ බවත් චීන පොහොර නැව මෙරටට පැමිණියේ එය පදනම් කරගෙන බවත් ඔහු පවසනවා.

වාණිජ බලපත්‍රයක් ලබා නොදීම නැව මෙරටට පැමිණ ඇති බව අමාත්‍යවරයා පවසන නමුත් නැවක් පැමිණෙන්නේ ලියවිලි මත මිස භාණ්ඩ මත පදනම්ව නොවන බව ඔහු පෙන්වා දෙනවා.

භාණ්ඩ සඳහා වන වගකීම ඇත්තේ ආනයනකරු සහ අපනයනකරු සතුව බවත් මුදල් නොගෙවන බවට දේශපාලඥයන් පැවසුවද ණයවර ලිපි විවෘත කර මෙරටට පැමිණි නැවට ඩොලර් මිලියන 09ක මුදල ගෙවීමට මහජන බැංකුව බැඳී සිටින බවත් ඒ මහතා පවසනවා.

කෙසේ නමුත් චීන තානාපති කාර්‍යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම හරහා බැංකුවේ අස්ථාවරත්වයක් හෝ මුදල් ගෙවීමේ නොහැකියාවක් පිළිඹිබු නොවන බවත් ඊට හේතු වූයේ අධිකරණ වාරණයක් බවත් ඔහු අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...