24 C
Colombo
Thursday, March 30, 2023

ශ්‍රී ලංකාව, ඉන්දියාවේ සහාය මානව හිමිකම් කවුන්සිලයේදී බලාපොරොත්තු වෙනවා

- Advertisement -

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග එකට සිටගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ විදේශ ලේකම් විශ්‍රාමික අද්මිරාල් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

‘ඉන්ඩියා ටුඩේ’ සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ඔහු මේ බව පවසන ලදි.

පසුගිය පෙබරවාරි 25 වනදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, මිෂෙල් බැෂෙලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන එන ලදි.

ශ්‍රී ලංකාවේ ගැටුම් නිමවී වසර 12ක් ගත වුවද සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවට එහිදී ඇය චෝදනා කරන ලදි. එම යෝජනාව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රතික්ෂේප කරන ලදි.

ඉන් පසුව පැවති අදහස් දැක්වීමේ වාරයේදී, රටවල් 21ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළ අතර රටවල් 15ක් මිෂෙල් බැෂෙලේගේ යෝජනාවට පක්ෂව අදහස් දක්වා තිබුණි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයින් 47දෙනා අතර දකුණු ආසියානු රටවල් 4ක්ද සිටී. ඒ, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යි.

පාකිස්තානය සහ නේපාලය ශ්‍රී ලංකාවට සහාය දෙන බව පවසා ඇතත් ඉන්දියාව සහ බංග්ලාදේශය තමන් ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කරන බවක් මෙතෙක් පවසා නැත.

“මම හිතනවා ඉන්දියාව අවශ්‍ය අවස්ථාවේදී ශ්‍රී ලංකාව ට සහාය දෙයි කියලා. අපි දන්නවා තමිල්නාඩුවේ ඡන්දය පැවැත්වෙනවා ඉදිරියේදී. අපිට තේරුම්ගන්න පුළුවන් තමිල්නාඩුවේ තත්ත්වය. එහි දී ශ්‍රී ලංකාව හැමවිටම මාතෘකාවක් වෙනවා. අපිට එය තේරෙනවා. නමුත් ඉන්දියාව අපේ හොඳම මිතුරා. අපේ ළඟම ඥාතියා. අපේ ප්‍රාර්ථනය ඉන්දියාව අප සමග සිටගනී කියලා.”

ආචාර්ය කොළඹගේ මහතා තවදුරටත් පැවසුවේ ඉන්දියාව මොනයම් ආකාරයේ තීරණයක් ගත්තද එමගින් රටවල් දෙක අතර ඇති මිත්‍රත්වයට හානියක් නොවන බවයි.

RECENT ARTICLES - SINHALA

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...