32 C
Colombo
Monday, April 29, 2024

විශිෂ්ටයින් බවට පත් වන්නට ජයග්‍රහණයක් සොයා අද පිටියට පිවිසෙන ශ්‍රී ලංකාව

- Advertisement -

අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයගත් කණ්ඩායම් අතර දෙවැනි ස්ථානයට පත්වීමට එක් තරග ජයග්‍රහණයක් පසුපසින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයේ සුපිරි සිව්දෙනාගේ වටය අරඹමින් බංග්ලාදේශයට එරෙහිව අද(09) තරග වදිනවා.

2003 වසරේ තරග 21ක් ජයගත් ඕස්ට්‍රේලියානුවන් පළමු ස්ථානයේ පසුවනවා.

පකිස්ථානය (2007-08 ජයග්‍රහණ 12) සහ දකුණු අප්‍රිකාව (2005 දී සහ 2016/17 දී ජයග්‍රහණ 12 ක් ලෙස දෙවරක්) සමඟ ශ්‍රී ලංකාව මේ වන විට දෙවැනි ස්ථානයේ සම තත්ත්වයේ සිටිනවා.

තරඟාවලිය ආරම්භයේදීම ශ්‍රී ලංකාව අතින් පරාජය වූ බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හමුවේ දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් නමුත් නමුත් සුපිරි සිව්දෙනාගේ වටයේ දී පාකිස්තානය හමුවේ යළි පරාජය වුණා.

සමස්තයක් ලෙස ශ්‍රී ලංකා මුල් පෙළ මේ වන විට ශක්තිමත් නමුත් මැද පෙළ සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් තිබෙන්නේ නායක දසුන් ශානක සහ ධනංජය ද සිල්වා පිතිකරුවන් ලෙස අසාර්ථක වීම හේතුවෙනි.

බංග්ලාදේශය ඔවුන්ගේ කණ්ඩායම වෙනස් නොකරනු ඇති නමුත් ලිටන් දාස් මොහොමඩ් නයිම් සමඟ ඉනිම ආරම්භ කරමින පිතිකරණ අනුපිලිවෙළේ වෙනසක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.

බංග්ලාදේශය (විය හැකි) : 1 මොහොමඩ් නයිම්, 2 ලිටන් දාස්, 3 අෆිෆ් හොසේන්, 4 ෂකීබ් අල් හසන් (නායක), 5 තව්හිද් හ්රිඩෝයි, 6 මුෂ්ෆිකර් රහීම් (කඩුලු රකින්නා), 7 ෂමිම් හොසේන්, 8 මෙහිදි හසන් මිරාස්, 9 ටස්කින් අහමඩ්, 10 ෂෝරීෆුල් ඉස්ලාම්, 11 හසන් මහමුද්
ශ්‍රී ලංකාව මූලික වටයේ අවසන් තරගයේදී ක්‍රීඩා කළ 11 දෙනා සමගම මෙම තරගය ද ක්‍රීඩා කරනු ඇති.

ශ්‍රී ලංකාව (විය හැකි): 1 පැතුම් නිශ්ශංක, 2 දිමුත් කරුණාරත්න, 3 කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), 4 සධීර සමරවික්‍රම, 5 චරිත් අසලංක, 6 ධනංජය ද සිල්වා, 7 දසුන් ශානක (නායක), 8 දුනිත් වෙල්ලාලගේ, 9 මහීෂ් තීක්ෂ්ණ කසුන් රාජිත, 11 මතීෂ පතිරණ

කෙසේ වෙතත් කනස්සල්ලට කරුණ නම් වර්ෂාපතනයේ සම්භාවිතාව සියයට 68කට වඩා ඉහළ බවට පළ කෙරී ඇති අනාවැකියයි. නමුත් මේ වන විට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය හා අවට ප්‍රදේශයට හොඳින් හිරු එළිය වැටී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...