29.4 C
Colombo
Friday, April 26, 2024

ශ්‍රී ලංකාව පෙරදිග වඩේ – පරාටාගාරය බවට පත්වෙලා..! – මුදිත් පෙරේරා

- Advertisement -

මෙවන විට රටේ පවුල් ලක්ෂ 5කට වඩා පිරිසක් දිනකට සහල් කිලෝවක් හෝ මිලට ගැනීමට රුපියල් දෙසීයක් වැය කිරීමට නොහැකිව විකල්ප ආහාර ලෙස ගස්ලබු, කටු අල පිටි ආහාර ඇතුළු ඉතා අඩුවට ලබාගත හැකි දෑ ආහාරයට ගනිමින් සිටින බවද එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අද ‍( 27 ) පෙරවරුවේ පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්.

එළඹෙන යල කන්නයේදී රසායනික පොහොර ලබා නොදුනහොත් සහල් පාරිභෝගිකයන්ට අගෝස්තු මාසයේදී මිලට ගැනීමට සිදුවන්නේ කිලෝ පහේ හා දහයේ පැකට් නොව හුන්ඩුවේ සැෂේ පැකට් බවයි එක්සත් එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ.

රජය සතුව මේවන විට වී මෙට්‍රික් ටොන් 75,000 ප්‍රමාණයක් පවතින බවත්, ඒවා සහල් බවට පත් කළ විට හාල් මෙට්‍රික් ටොන් 50,000 කට ආසන්න ප්‍රමාණයක් ලබාගත හැකි බවත්, එම සහල් රටේ අඩු ආදායම් පවුල් ලක්ෂ 5ක් වෙනුවෙන් මසකට සහල් කිලෝ 30 බැගින් සහනාධාරයක් ලෙස දිවයින පුරා ඇති සමුපකාර සමිති හරහා බෙදා හරන ලෙසත් ඔහු වැඩිදුරටත් රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදිත් පෙරේරා මහතා,

“ රජයේ රසායනික පොහොර තහනම් කළේ වකුගඩු රෝග ආදී බෝනොවන රෝග එම රසායනික පොහොර නිසා නැති බව ප්‍රකාශ කරමින්. ඒ හින්දා මහ කන්නයේ 50% කින් අස්වැන්න අඩු වුණා. දැන් ඒ අඩුව වහන්න ඉන්දියාවෙන් සහ චීනයෙන් සහල් ණයට හා පිනට ලබා ගනිමින් සිටිනවා.

ඉන්දියාව කියන්නේ ලංකාවට වඩා 25% ක් රසායනික පොහොර භාවිත කරන රටක්. චීනය කියන්නේ ලංකාවට වඩා සීයට 200 රසායනික පොහොර භාවිතා කරන රටක්. ආණ්ඩුවේ කාබනික උන්මාදයෙන් පෙළෙන ඇමතිවරුන්ගේ මම අහනවා ඉන්දියාවේ හෝ චීනයේ රසායනික පොහොර යෙදූ සහල් පරිභෝජනය කළහම එම රසායනික ද්‍රව්‍ය වකුගඩු දෙකට අවශෝෂණය නොවෙන්න විශේෂ යමක් තියෙනවද කියලා.

පසුගිය මාස 4 ට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතරකට ආසන්න ප්‍රමාණයක් ලංකාවට මේ ආණ්ඩුව ආනයනය කරලා තියෙනවා. බදු රහිතව ආනයනය කරපු මේ සහල් වරායෙන් එලියට එද්දි පිරිවැය වුණේ රුපියල් 100 ට වඩා අඩු අගයක්. හැබැයි අද ඒ හාල් දේශීය සහල් විදිහට රුපියල් 175 ට 180 ට ජාවාරම්කාරයෝ පිරිසක් පාරිභෝගික ජනතාවට විකුණුමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිවරු මේක නොදැක්කා විදියට ඉන්නවා.

ඒ වගේම මේ ජාවාරම්කාරයෝ පිරිස් වී අලෙවි මණ්ඩලයේ පවතින දේශීය වී තොග ඉන්දියානු සහල්වලට හුවමාරු කිරීමට මේ වෙනවිට සූදානම් වී සිටිනවා. මෙම ජාවාරම් මැඩපැවැත්වීමට උපරිම බලය භාවිතා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා.

2019 අවුරුද්දේ දී හතර දෙනෙක් ඉන්න පවුලකට සහල් සඳහා වසරකට වියදම් උනේ රුපියල් තිස් දෙදාහක අගයක්. මේ වෙද්දි ඒක රුපියල් අසූදාහ දක්වා ඉහළ ගිහිල්ලා. යල කන්නය අසාර්ථක වෙලා සහල් කිලෝව රුපියල් 300 ට වැඩි වුනොත් මේ වියදම රුපියල් එක් ලක්ෂ විසි දක්වා වැඩි වෙනවා. එහෙම වුනොත් පාරිභෝගිකයන්ට බත් කන්න වෙන්නේ නැහැ. හුන්ඩුවේ සැෂේ පැකට් ඇරගෙන කැඳ තමයි බොන්ඩ වෙන්නේ.

ජනවාරි මුල් සතියේදි අපි කිව්වා අප්‍රේල් මාසය වෙද්දී හාල් වෙළෙඳපොළ කොතනද තියෙන්නෙ කියලා. අපේ පුවත්පත් වාර්තා අරං වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන නිකං මාධ්‍ය සාකච්ඡා තිබ්බා විතරයි. පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ . අද සතොසේ රුපියල් 105 ට තියෙන්නේ හාල් බෝඩ් එක විතරයි. හාල් නෑ. පෙරදිග ධාන්‍යාගාරය පෙරදිග වඩේ පරාටාගාරය බවට අද පත්වෙලා.“

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...