29 C
Colombo
Sunday, May 5, 2024

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

- Advertisement -

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවසා තිබෙනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ, පලස්තීන ජනතාවට රාජ්‍යයක් ගොඩනැඟීම සඳහා පවතින නීත්‍යානුකූල සහ අහිමි කළ නොහැකි අයිතිය ශ්‍රී ලංකාව සහ ඉරානය පිළිගන්නා බවයි.

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වුණා.

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණදීමේදී සාමුහිකව කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා.

ලොව පුරා සාමය, ආරක්ෂාව සහ සෞභාග්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව සිටීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන ජනාධිපති රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය රටවල් දෙකටම ප්‍රතිලාභ සලසමින් සහයෝගීතාවය සඳහා නව අවස්ථා විවෘත කරනු ඇති බවටද විශ්වාසය පළ කළ තිබෙනවා.

උමා ඔය ව්‍යාපෘතිය බලශක්ති උත්පාදනය, වාරිමාර්ග සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ඉරානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවයේ සංකේතයක් බවත්, එම ව්‍යාපෘතිය ගෝලීය දකුණේ රටවල් අතර මෙම ක්ෂේත්‍රයන්හි පවතින සහයෝගීතාව සඳහා උදාහරණයක් බවට පත්වීම පිළිබඳ සතුටු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

එමෙන්ම අපගේ සාකච්ඡා අතරතුර දෙරට අතර වෙළෙඳ සහ ආර්ථික කටයුතු පුළුල් කර ගැනිම, දේශපාලන සහ සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කර ගැනීම ආදිය ඇතුළත් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටේ උනන්දුවක් පවතින ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ බවද ජනාධිපතිවරයා කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...