30 C
Colombo
Saturday, May 4, 2024

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

- Advertisement -

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා – නෙදර්ලන්ත තරගය අද (21) පෙරවරු 10.30ට ඉන්දියාවේ ලක්නව්හිදී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී පන්දුවාර 49යි පන්දු 04ක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වුණා.

Sybrand Engelbrecht ලකුණු 70ක්ද, Logan van Beek ලකුණු 59ක්ද, Colin Ackermann ලකුණු 29ක්ද, Max O’Dowd සහ Scott Edwards ලකුණු 16 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුෂන්ක සහ කසුන් රාජිත කඩුලු 04 බැගින්ද, මහේෂ් තීක්ෂණ එක කඩුල්ලක්ද දවා ගනු ලැබුවා.

ලකුණු 263ක ඉලක්කයක් සහිතව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 02ක් අවසානයේ කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 263ක් ලබා ගනිමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

පැතුම් නිශ්ශංක ලකුණු 54ක්ද, චරිත් අසලංක ලකුණු 44ක්ද, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 11ක්ද,ධනංජය ද සිල්වා ලකුණු 30ක්ද රැස් කළා.

සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 91ක් ලබා ගත්තා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...