32 C
Colombo
Monday, April 29, 2024

දෙවැනි එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

- Advertisement -

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා.

පන්දුවාර 50 අවසනයේ කඩුලු 07ක් දැවී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 286ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 287ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 01ක් අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 287ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ලංකාව සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායමේ Soumya Sarkar පන්දු 66කදී ලකුණු 68ක්ද, නායක Najmul Hossain Shanto පන්දු 39කදී ලකුණු 40ක්ද, Mushfiqur Rahim පන්දු 28කදී ලකුණු 25ක්ද, Mehidy Hasan Miraz පන්දු 18කදී ලකුණු 12ක්ද, Tanzim Hasan Sakib පන්දු 33කදී ලකුණු 18ක්ද, ලබා ගැනීමට සමත් වුණා.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Towhid Hridoy පන්දු 102කදී නොදැවී ලකුණු 96ක් සහ Taskin Ahmed පන්දු 10කදී නොදැවී ලකුණු 18ක් ලබා ගත්තා.

එමෙන්ම, Litton Das සහ Mahmudullah ලකුණු කිසිවක් නොලබා දැවී ගියා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග කඩුලු 04ක්ද, දිල්ශාන් මධුශංක කඩුලු 02ක්ද, ප්‍රමෝද් මධුෂාන් එක් කඩුල්ලක්ද දවාගත්තා.

අනතුරුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 113කදී ලකුණු 114ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සවියක් වීමට සමත් වූ අතර, චරිත් අසලංක පන්දු 93කදී ලකුණු 91ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායමේ Shoriful Islam සහ Taskin Ahmed කඩුලු 02 බැගින්ද, Tanzim Hasan Sakib, Mehidy Hasan Miraz සහ Taijul Islam එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...