නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවති 55 වන ආසියානු කායවර්ධන හා ෆිසික්ස් තරඟාවලියේ මොඩල් ෆිසික්ස් අංශයේ රිදී පදක්කම දීනා ගැනීමට ශ්‍රී ලංකාවේ හසිනි හේවගේ සමත් වුණා.
එමෙන්ම කාන්තා ස්පෝර්ට් ෆිසික්ස් අංශයේ රිදී පදක්කම උදානි අමරසිංහට හිමි වූ අතර පිරිමි ස්පෝර්ට් ෆිසික්ස් අංශයේ සෙන්ටිමීටර 170 කාණ්ඩයේ 5වන ස්ථානය දිනා ගැනීමට වසීම් ස්ටීවන් සමත්වී තිබෙනවා.
පසුගිය 1 වනදා ආරම්භ වූ මෙම තරගාවලිය හෙටින් අවසන් වීමට නියමිතයි.