24 C
Colombo
Tuesday, March 21, 2023

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන TikTok හරහා චීනයට

- Advertisement -

චීන – ශ්‍රී ලංකා වෙළඳ සහ ආර්ථික සහයෝගිතා සංගමය සහ Douyin (TikTok) සමාජ මාධ්‍ය ජාලය සමඟ සම්බන්ධ වූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2022 අගෝස්තු 30 වැනි දින ශ්‍රී ලංකා ජාතික  කුටියක් විවෘත කළේ ය. මහනුවර ඇසළ පෙරහැර, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ ආහාර සම්බන්ධයෙන් තානාපති කාර්යාලය පැවැත්වූ උත්සවය අතරතුර මෙම වැඩසටහන පැවැත්විණි.

විචිත්‍රවත් බවින් සහ ඓතිහාසික ශ්‍රී විභූතියෙන් අනූන  මහනුවර ඇසළ පෙරහැර දව්යින් හරහා චීන ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කෙරිණි. මිලියන 600 කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටින Douyin හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රදර්ශනය කොට අලෙවි කරන ලදී.  (Tik Tok තුළ ලොව පුරා බිලියන 2ක ග්‍රාහක පිරිසක් සිටී).

Douyin පිළිබඳ නව ශ්‍රී ලංකා ජාතික කුටිය අන්තර්ජාලය හරහා මිලියනයකට වඩා වැඩි නරඹන්නන් පිරිසක් එසැණින් ආකර්ෂණය කර ගත් අතර නව අනුගාමිකයින් 27,000 කට වඩා ඊට එකතු විය. පැය පහක් මුළුල්ලේ පැවති සජීවී විකාශනය අතරතුර ශ්‍රී ලාංකික නිෂ්පාදන 16,000 කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට ලක් වූ අතර එය අතිශයින් සාර්ථක විය.

තෝරාගත් සහභාගීවන්නන් පිරිස ඇමතූ  චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, චීන පාරිභෝගිකයන්ට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සලසන අතරතුර ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට සිය නිෂ්පාදන චීනයේ ප්‍රදර්ශනය කිරීමට සහ අලෙවි කිරීමට මෙම ජාතික කුටිය මඟින් අවස්ථාව සැලසෙන බව සඳහන් කළේ ය.  මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ඔහු ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ආරාධනා කළේ ය.

ලංකා කළු තේ කෝප්පයක්, ‘හොං චා’ සහ කුළුබඩු යොදා සකසන ලද ශ්‍රී ලංකාවේ කකුළුවන් සකස් කිරීමේ ක්‍රමවේදය තානාපති කොහොන විසින්  නිරූපණය කරන ලදී. කකුළුවන් සහ අනෙකුත් මුහුදු ආහාර චීනය තුළ ඉතා ජනප්‍රිය ය.

සජීවීව විකාශනය කරන ලද මෙම උත්සවයට අලංකාරයක් එක් කරමින් දව්යින් හි ප්‍රධාන උපදේශක  නායකයන් (KOL) 10 දෙනෙකුට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. කොළඹ, සීගිරිය, ගාල්ල, මාතලේ, මහනුවර, දළදා මාලිගාව සහ පෙරහැර, යාල, නුවරඑළිය, රත්නපුර යන ස්ථාන තානාපතිවරයා විසින් විශාල ශ්‍රී ලංකා සිතියමක් මගින් නිරූපණය කරන ලදී. වෙළඳාම, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙම නගර තුළ පවතින ශක්‍යතා මෙන්ම ඒවායේ සංස්කෘතික පසුබිම ද ඔහු තවදුරටත් පැහැදිලි කළේ ය.

පස්වැනි සියවසේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇසළ පෙරහැර පිළිබඳව විස්තරාත්මක කරුණු  පළ කළ චීන බෞද්ධ භික්‍ෂුවක් වන ෆා ෂියන් හිමි පිළිබඳව සඳහන් කළ තානාපතිවරයා, මහනුවර පෙරහැරේ ඓතිහාසික වැදගත්කම පිළිබඳව පැහැදිලි කළේ ය. මහනුවර පෙරහැරේ විචිත්‍රවත් බව දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එතුමා චීන ජාතිකයන්ට ආරාධනා කළේ ය.

තානාපතිවරයා සැකසූ කකුළුවන් සහිත සම්ප්‍රදායික ශ්‍රී ලාංකික රාත්‍රී භෝජන සංග්‍රහයක් අමුත්තන් වෙත පිළිගන්වන ලදී.


RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.