31 C
Colombo
Wednesday, November 6, 2024

ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ අවසන් වටයට

- Advertisement -

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි මුලික වටයේ පළමු තරඟයට එක් වුණු කාලිංග කුමාරගේ පළමු ස්ථානය හිමි කරගත්තා.

ඒ තත්ත්පර 45.57කින් තරඟය නිමා කරමින්.

තුන්වැනි මූලික වටයේ තරඟයට එක් වුණු අරුණ දර්ශන තරගය නිමා කළේ තෙවැනියා ලෙසයි .

තරඟ නිමි කාලය තත්ත්පර 46.07යි. ඒ අනුව දෙදෙනාටම හෙට පැවැත්වෙන මීටර් 400 පිරිමි අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට හැකි වනවා.

මේ අතර, නදීෂා රාමනායක කාන්තා මීටර් 400 මූලික වටයේ දෙවන තරඟයෙන් තත්පර 52.67ක කාලයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත්වුණා.

ඒ අනුව ඇයද අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.  

RECENT ARTICLES - SINHALA

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැරලා (වීඩියෝ)

අග්‍රාමාත්‍ය කාර්යාල⁣යේ ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසිරුවා හැර තිබෙනවා. එහි සේවය කළ වෛද්‍ය නිලධාරීන්, සේවක පිරිස, සෞඛ්‍ය උපකරණ, ⁣ඖෂධ සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය...

සමේ පිළිකා වැඩිවීමට හේතුව

පසුගිය අවුරුදු කිහිපය ඇතුළත මෙරට සමේ පිළිකා ඇති රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර මහත්මිය පවසනවා. අද (06)...

ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීමක්

අද (06) පස්වරු 4:00 සිට හෙට (07) පස්වරු 4:00 දක්වා බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක්...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

ඉන්ධන මිල සංශෝධනය ගැන තෙල් සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය හා සම්බන්ධ වෙනත් සමාගම් සමග එළැඹ ඇති ගිවිසුම් හේතුවෙන් මිල සංශෝධනයේදී ස්වාධීනව තීන්දු ගැනීමට නොහැකි වී තිබෙන බව ලංකා ඛණිජ තෙල්...