30 C
Colombo
Saturday, May 4, 2024

Breaking: රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වෙයි

- Advertisement -

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායකත්වයෙන් එළැඹෙන මැයි මස පළමුවැනිදා සිට ඉවත් වන බව රොෂාන් රණසිංහ මහතා පවසනවා.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරමින් ඔහු කියා සිටින්නේ එළැඹෙන අලුත් අවුරුද්දට පෙර ගොවීන්ට වන්දි මුදල් සහ පොහොර සහනාධාරය ලබාදෙන ලෙස බලකරමින් තමන් ඉල්ලා අස්වන බවයි.

ඔහු ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපිය පහතින්,

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,

ජනාධිපති කාර්යාලය,

කොළඹ 01.

ගොවීන්ට වන්දි ලබා දීමට සහ පොහොර සහණාධාරය ලබා දීමට බල කරමින් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන් හා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් 2022 මැයි මස පළමුවනදා සිට ඉවත් වේ.

අතිගරු ජනාධිපතිතුමණි,

 ආනයනික රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය ගෙන්වීම නැවත්වීමට ඔබතුමා ගත්  තීරණය රටතුළ  මහත් ආන්දෝලනයක් ඇති කරන ලදි. එම තීරණය ගැනීමේදී බහුතරයක් වු ගොවි ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වූ බව නොරහසකි. නමුත් අනාගත පරපුර වෙනුවෙන් ඔබතුමාගත්  මෙම තීරණයට මා එකඟ විය. ගොවි ජනතාවගේ අස්වැන්න අඩු නොවන පරිදි කාබනික පොහොර වර්ග ලබාදෙන බව එහිදි කියූවද ( කාබනික ඝණ පොහොර, නැනෝ නයිට්‍රජන්, ජෛව දියර පොහොර, පොටෑසියම් ක්ලෝරයිඩ්, පොස්පේට්) නිසි ප්‍රමිතියක් සහිතව එම පොහොර වර්ග වලින් එකක් හෝ දෙකක් පමණක් අතලොස්සකට ලැබුණු බව සිහිපත් කරමි. තවද ලැබුණු කාබනික පොහොර මඟින් වගා කළ ගොවි ජනතාවගේ අස්වැන්නේ යම් අඩුවිමක් සිදුවුවහොත් ඊට වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් දැනුම් දෙන ලදි. ගොවීන්ට අඩුවන අස්වැන්නට නිසි වන්දියක් ලබාදෙන බවටද පොරොන්දු විය.

ඒ මඟින් බලාපොරොත්තු වුයේ ඔවුන් මුහුණ දෙන ගැටළු කඩිනමින් විසදා ගැනීම වුවත් අද වනතෙක් එම ගැටළු නොවිසදි තිබීම කණගාටුවට කරුණකි.

රසායනික පොහොර භාවිතයෙන් පසුගිය මාස් කන්න වල ලබා ගත් වී අස්වැන්නට සාපේක්ෂව මෙවර මාස් කන්නයේ කාබනික පොහොර යොදා ලබා ගත් අස්වැන්න  50% සිට 70% දක්වා අඩු වී ඇත.

එය අපරට මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට සහ ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපෑමකි. වී කිලෝවක් සඳහා ඉහළ මිලක් ගොවීන්ට ලැබුණු බව සත්‍යයකි. නමුත් වී ගොවිතැන සඳහා,

  1. මිනිස් ශ්‍රමය සඳහා අධික වියදමක් ගෙවීමට සිදු වීම.
  • ඉන්ධන මිල ඉහල යාම.
  • යොදන ලද පොහොර හා කෘෂි නාශක ප්‍රමාණය වෙනුවෙන් අතිවිශාල මුදලක් ගෙවීමට සිදු වීම.
  • කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ යෙදවුම් කුලිය අධික වීම. 

නිසා ගොවීන්ගේ ආදායමට වඩා වියදම ඉහල ගොස් ගොවියා අන්ත අසරණභාවයට පත්වී ඇත. පොලොන්නරු දිස්ත්‍රික්කයේ වී ගොවිතැන සඳහා හෙක්ටයාර් එකක් (1ක්) වගා කිරීමේදී ගොවි මහතෙකුට දැරීමට සිදුවන පිරිවැය විස්තරය ඔබතුමන්ගේ කරුණු දැන ගැනීම සඳහා පහතින් ඉදිරිපත් කරමි.

වියදම් සාධකයඅර්බුදයට පෙර මහ කන්නය 2022/2021අර්බුදයට පසු මහ කන්නය 2021/2022
නියර රැහීම සඳහා625011000
සී සෑමට2000037500
නියර බැඳීමට625011000
වැපිරීම625011000
ඇටතෙල් සඳහා750037500
කෘමි නාශක20006500
දිලීර නාශක20006500
කැපුම් කුලිය2000031000
ප්‍රවාහන2000                    5000
මුළු එකතුව72250157000
ලැබුණු වී කිලෝ ප්‍රමාණය හා ආදායම6600kg ×55 =  රු: 363000.003300kg×85 =  රු: 280500.00

හෙක්ටයාරයකට සාමාන්‍ය වශයෙන් වී කිලෝ පන්දහසක (5000) නිෂ්පාදනයක් ලබා ගත් ගොවීන්ගේ මෙවර මාස් කන්නයේ දී වී අස්වැන්න කිලෝ දෙදහස් පන්සියයේ සහ (2500) දෙදහස (2000) දක්වා පහත වැටී ඇත. ඇතැමෙකුගේ නිෂ්පාදනය වී කිලෝ එක්දහස් පන්සියක් (1500) පමණ වී ඇති බව දැන ගන්නට ලැබුණි. මෙම අස්වැන්න ගොවීන් විසින් ලබා ගනු ලැබූයේ පසුගිය කන්නවල ඉතිරි කරගත් රසායනික පොහොර යම් ප්‍රමාණයක් සහ ආදේශක වශයෙන් පොල් පොහොර, තේ පොහොර අධික මිලකට මීලදී ගෙන වගාවට යොදමිනි. ගොවි ජනතාව මුහුණ දුන් සැබෑ යථාර්තය එයයි.

ඔබතුමන්ට ලැබුණු හැටනමලක්ෂයක ජන වරමත් පාර්ලිමේන්තු මැතිවරණයේදී අප ලැබූ තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉතා කෙටි කලකින් නැති වී යාමට ප්‍රධානම හේතුවක් වූයේ මෙම කාබනික පොහොර වැඩ සටහනයි. එම තීන්දුවෙන් මුළු රටේම ගොවි ජනතාව අසරණභාවයට පත් වූ අතර ගොවි ජනතාව ආණ්ඩුවට විරුද්ධව වීථි බැසීම ආරම්භ වූයේ මේ සමඟයි. මේ සම්බන්ධව ඔබතුමන් වෙත පැහැදිලි කිරීම සඳහා වේලාවක් ලබා ගැනීමට ජනාධිපති පුද්ගලික ලේකම්වරයා වෙත කිහිප විටක් දුරකථනයෙන් කතා කොට අවස්ථාව ඉල්ලන ලදි.

එමෙන්ම පොළොන්නරුව  දිස්ත්‍රික්කයේ  ගොවි ජනතාවගෙන් අතිශය බහුතරයක් වු ගොවි ජනතාව මහවැලි කලාප වල ජිවත් වේ. මහවැලි කලාප දහයෙන් හතරක්ම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබිම සුවිශේෂිවේ. තවද මාගේ පොලොන්නරුව ආසනයේ තුනෙන් දෙකක භූමි ප්‍රමාණයක් අයත් වනුයේ මහවැලි කලාප වලටය. මහවැලි ජනතාව දිර්ඝ කාලයක සිට නොවිසදුනු බරපතල ගැටළු රාශියකට මුහුණ දෙමින් සිටි. පසු ගිය ජනා‍ධිපතිවරණයේදි හා මහ මැතිවරණයේදි එම ජනතාව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළේය. තවද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආර්ථික උත්පාදනය අතින් වටිනා සම්පතක් ලෙස ඇති වැලි සම්පත දේශපාලන හිතවතුන් හා පිටස්තර පුද්ගලයින් විසින් අත්පත් කරගෙන තිබේ. පොලොන්නරු දිස්ත්‍රික් ජනතාව එයින්ද අපහසුතාවයට පත්ව ඇත. මෙවන් වූ ගැටළු රාශියකට පොලොන්නරු ජනතාව දිනපතා මුහුණ දෙමින්, පීඩාවට පත්වෙමින් සිටි.

මා මෙතෙක් දුරට ගෙන ආ සහ අප පක්ෂය වටා ඒකරාශි වූ ගොවි ජනතාවට ඔවුන්ගේ කදුලු කථාව වෙනුවෙන් විසඳුමක් නොලැබෙන්නේ නම් තීන්දුවක් ගැනීමට සිදුවන බව දැනුවත් කිරීමට 2022.04.02 දින සම්මේලනයක් කැඳවන ලදි. ඊට හේතු වූයේ දිගින් දිගටම ගොවි ජනතාව සහ අප පක්ෂයේ සංවිධායකවරුන් විසින් “ගොවියාගේ ප්‍රශ්ණයට විසඳුමක් ලබා දීමට ඔබ අපොහොසත්වන්නේනම් මෙම ආණ්ඩුවේ සහ පක්ෂයේ තනතුරු දැරීම ඵලක් නොවන බව හා ඉල්ලා අස්වන ලෙසට පීඩනයක් එල්ල කිරීම” හේතුවෙනි. නමුත් ආරක්ෂක හේතූන් මත එය අද දින අවලංගු කල අතර පසුගිය කාලය පුරා ගොවි ජනතාවගෙන් ලබා ගත් අදහස් හා යෝජනා සියල්ල එක්කොට පහතින් ඉදිරිපත් කර සිටිමි.

  1. ගොවි ජනතාව මේ වනවිට මුහුණ දී ඇති අන්ත අසරණභාවයෙන් මුදවා ගැනීමට නම් සිංහල දමිල අලුත් අවුරුද්දට පෙර වගා වන්දි ලෙස, අහිමි වූ සෑම වී කිලෝ එකක් (1kg)  වෙනුවෙන්ම රුපියල් සියයක (රු: 100.00ක) වගා හානි පූරණයක් ලබා දීම.
  • ඉදිරි යල කන්නය වෙනුවෙන් අවම තරමින් රසායනික හා කාබනික පොහොර 50%ක ප්‍රතිශතයක්ද කාබනික පොහොර 50%ක ප්‍රතිශතයක් ද ලබා දෙන බවට සහතිකයක් ලබා දෙමින් මෙම සිංහල දමිල අලුත් අවුරුද්ද ගොවීන්ට යම් දුරකට හෝ සතුටින් සැමරිය හැකි අවුරුද්දක් බවට පත් කිරීම. (මේ හරහා ඔබතුමන් බලාපොරොත්තු වූ සෞඛ්‍ය සම්පන්න රටක් බිහි කිරීමේ කටයුක්තට මූලාරම්භයක් ලැබෙනවා සේම ගොවීන් සුපුරුදු අස්වැන්න ලබා ගැනීම හරහා ඔවුන්ගේ අහිමි වූ ආදායම නැවත ලබා ගැනීමටත් කලු කඩ ක්‍රමයට ආරම්භයක් ලබා දුන් සහල් මිල සාමාන්‍ය අගයකට ගෙන ගොස් පාරිභෝගික ජනතාවටද සහනයක් ලබාගත හැකි වනු ඇත.)
  • කිසිඳු ආණ්ඩුවකට ඉදිරියේදී වෙනස් කල නොහැකි ලෙස ජාතික පොහොර ප්‍රතිපත්තියක් කඩිනමින් සම්පාදනය කිරීම.

අප ආණ්ඩුව අතිවිශාල ජනවරමකින් බලයට පත්වූයේ හුදෙක්ම රට සෞභාග්‍ය කරා රැගෙන යාමේ අරමුණ ඇතිවයි. නමුත් අනපේක්ෂිත සාධක හේතුවෙන් විශාල අර්බුදයකට මුහුණ පෑමට සිදු වීම ශෝකාන්තයකි.  මෙම කිසිඳු අර්බුදයක් හේතුකරගෙන ආණ්ඩු පක්ෂ නියෝජිතයන් වන අපට වගකීමෙන් බැහැර විය නොහැකිය. මතු වී ඇති ප්‍රශ්ණ වලින් ප්‍රධානතම ප්‍රශ්ණය පොහොර සම්බන්ධ ප්‍රශ්ණය වේ. එළඹෙන ඕනෑම මැතිවරණයකදී යම් පාර්ශවයක් රසායනික පොහොර නැවත ලබාදෙන බව පැවසූ පමණින්ම එම පාර්ශවය විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා යනු ඇත. එසේ උවහොත් සත්භාවයෙන් සිදුකල කාර්ය ගඟට කැපූ ඉණි සේ ඵල රහිත වනු ඇත. එම නිසා ජාතික පොහොර වැඩ සටහන කිසිඳු පාර්ශවයකට වෙනස් කල නොහැකි ලෙස ශක්තිමත් නීති රාමුවක් යටතට පත් කිරීම ඉතා වැදගත් වේ.

  • අද දක්වාම කාබනික පොහොර වගාව සම්බන්ධව අදාල නිළධාරීන්හට විධිමත් දැනුවත් භාවයක් ලබා දී නොමැත. එම නිසා ඔවුන්හට කඩිනමින් කාබනික වගාව සම්බන්ධව නිසි දැනුවත්භාවයක් ලබා දී  ඔවුන් මඟින් ගොවීන් දැනුවත් කිරීම හා පුහුණු කිරීම ක්‍රියාත්මක කල යුතුය.  
  • මේ වනවිට නිසි ප්‍රමිතියකින් තොර කාබනික පොහොර නිෂ්පාදනය කර රජයට අලෙවි කර මහජන මුදල් ගසා කෑමක් හා නාස්තියක් සිදු කරමින් පවති. මේ සම්බන්ධව කටයුතු කිරීම සඳහා නිසි ආයතනයක් හා ප්‍රමිතිය පරික්ෂා කිරීමට විද්‍යාගාර පහසුකම් කඩිනමින් ආරම්භ කල යුතුය.
  • රසායනික පොහොර ආනයනය පුද්ගලික අංශයට විවෘත කිරීමත් සමඟ ගොවි ජනතාව සූරාකමින් ඉතා අධික මිලට රසායනික පොහොර විකිණීම සිදු කරමින් ඇත. මෙය නියාමනය කිරීම කඩිනමින් සිදුකල යුතුව ඇත.

විශේෂයෙන් ඉහත ඉල්ලීම් වලින් ගොවි ජනතාව වෙත මතුව ඇති ප්‍රශ්ණ වලට කඩිනම් විසඳුම් ලබා ගැනීමට නොහැකි නම් අතිබහුතරයක් පොලොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව නියෝජනය කරන මාහට මෙම අමාත්‍යධූරයේ රැදී සිටීම සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කිරීම ඵල රහිත බව හැඟී යයි. ජනතාව විසින් ලබාදුන් ජනවරමින් මාහට ලැබැණු තනතුරු තානාන්තර ජනතාව වෙනුවෙන් කැප කිරීමට තරුණ දේශාපලඥයකු ලෙස කිසිවිටකත් මා පසුබට නොවෙමි. අනෙකුත් දිස්ත්‍රික්ක වලද ජීවත්වන සමස්ථ ගොවි ජනතාවගේ කැකෑරෙන මෙම ප්‍රශ්ණය ඔබතුමන් වෙත ගෙන ඒමට මා ඉදිරිපත් වූයේ ගොවි ජනතාව ගොවි විප්ලවයකට හා අරගලයකට යාම වැඩි ඈතක නොවන බව මාහට හැඟෙන බැවිනි.

ඒ අනූව වැඩ කරන ජනතාවගේ ප්‍රධානතම බලවේගයක් වූ ගොවි ජනතාව වෙනුවෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර සාධාරණයක් ඉටු කිරීමට හැකිනම් එය ඉතා අගය කරමි. එසේත් නොමැතිනම් අවම වශයෙන් අප්‍රේල් මාසය තුලදීවත් එම තීන්දුව ගත යුතු බව සිහිපත් කර සිටිමි. සමස්ථ ගොවි ජනතාව වෙනුවෙන්  මා කරන ඉල්ලීම ඔවුන්හට ඉටු කරදෙන ලෙස බල කරමින් මැයි මස පළමුවන දින වැඩ කරන ජනතාවගේ ඓතිහාසික දිනයේ සිට මා දරණ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වෙමි. තවද ශ්‍රි ලංකා පොදුජන

පෙරමුණ පොලොන්නරු දිස්ත්‍රික් නායකත්වයෙන් ඉල්ලා අස්වන බවත් ඔබතුමන් වෙත ඉතා ගෞරවයෙන් යුතුව දන්වා සිටිමි.

රොෂාන් රණසිංහ‍

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය

පොලොන්නරු දිස්ත්‍රික් නායක ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...