29.4 C
Colombo
Friday, April 26, 2024

කන්ටේනර් පෙට්ටියේ තිබූ දේ ගැන රාජ්‍ය ඇමති ලොහාන්ගෙන් ප්‍රකාශයක්

- Advertisement -

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබෙන බහාලුමක් සම්බන්ධයෙන් ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

අමාත්‍යවරයා සදහන් කරන්නේ සමාජ මාධ්‍ය තුල සංසරණය වන මෙම විඩියෝව සහ එයින් අදහස් කරන අසත්‍ය සමාජගත කිරීම තරයේ හෙලා දකින බවයි.

මේ වන විටත් මෙම බහලුම ප්‍රතිනැව්ගත කිරිම සදහා පෙර සුදානම් කිරිමට සමගි බහාලු පර්යන්තය වෙත රැගෙන ගොස් ඇති අතර එයට හේතුව වන්නේ මෙය අධි විකිරණශිලි (Highly Radio Activ) බහඵමක් බැවින් නැවත ප්‍රති සැකසිමක් සදහා බව රත්වත්තේ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ‍බහාළුම අපනයනය කර ඇත්තෙ ඇන්සන් ලංකා සමාගම බවයි.

එවැනි බහාලුම් ප්‍රතිනැව් ගත කරන අවස්ථාවන්හීදී මේ ආකාරයෙන් පොලිස් විශේෂ බලකා හෝ පොලිස් ආරක්ෂාව යොදාගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.

තවද මෙවැනි බහාලුම් ප්‍රතිනැව් ගත කිරීමේදී බහාලුමේ ආරක්ෂාව හා අනෙකුත් ආරක්ෂිත ක්‍රියාමර්ග සදහා වරාය ගිනි නිවීමේ අංශයද සීරුවෙන් තබන බවත් මෙය වරාය තුළ සිදුවන සාමාන්‍ය සිදුවීමක් බවත් ලොහාන් රත්වත්තේ මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

ඇතැම් සමාජ මාධ්‍ය තුළ මෙම බහාලුමට විවිධ අර්ථකතනයන් ලබාදී තිබූ අතර ඇතැමක මෙය රාජපක්ෂ පවුලට සම්බන්ධ බහලුමක් බවට පෙන්වා දී තිබුණා.

පසුගිය දින කිහිපය පුරාවටම විවිධ පුද්ගලයින් රටින් පැනයාම හා ඔවුන්ගේ දේපල මෙරටින් පිටකිරීමට ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව සියලුම දේ පිළිබදව සැකයෙන් බැලීමට මේ වන විට හුරුව තිබෙනවා.

මේ හේතුවෙන් අනවශ්‍ය අර්බුද නිර්මාණය වුවත් ඒ සියල්ලම පවත්නා දේශපාලන අර්බුදය හේතුවෙන් නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

අයිස් සමග හසුවූ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනා තවදුරටත් රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සැකකරුන් හතර දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26)...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...