27 C
Colombo
Thursday, May 16, 2024

තව මාස හතක්වත් පෝළිමේ ඉන්න..! – ඇමති ලොකුග‍ේ

- Advertisement -

ඉන්ධන, ගෑස් ඇතුළු සියලු ආනයනයන්ට මතුව ඇති ප්‍රධානතම බාධාව ඩොලර් හිගය බවත්, මෙම ගැටලුව අවසන්වීමට තවත් මාස කිහිපයක් ගතවන බවත් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඒ අනුව අවම වශයෙන් තවත් මාය හයක්, හතක් යනතෙක් ඉන්ධන පෝලිම් හා ගෑස් පෝලිම් ඇතිවිය හැකි බවද ඇමතිවරයා පෙන්වා දෙනවා.

ලෝක වෙළඳපොලේ සිදුවන සිදුවීම් පාලනය කිරීමට හෝ මිල වෙනස්වීම් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය නොහැකි බවත්, එම තත්වයන්ට අනුගත වීමට ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාට සිදුවන බවත් ඔහු පවසනවා පවසනවා.

සමස්තයක් ලෙස මුලු ලෝකයේම ආර්ථිකය බරපතල ලෙස කඩාවැටී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා පවසන්නේ අපට ඩොලර් අර්බුදයකට මුහුණදීමට සිදුව තිබෙන්නේ ඒ් අනුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තර සාධක අමතක කර දමා ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් කතා කළ නොහැකි බවත් මෙම සියලු අර්බුද විසඳා ගැනීමට නම් ශ්‍රී ලංකාව සතු ඩොලර් සංචිත ඉහළ නංවා ගතයුතු බවත් ඒ් සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ඔහු පවසනවා.

විශේෂයෙන්ම සංචාරක හා අපනයන ක්ෂේත්‍රය වර්ධනය කිරීම එහිදී මූලික ඉලක්කය බවද ඔහු සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ

අද උදෑසන සිට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. දිස්ත්‍රික්...

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනා රිමාන්ඩ් 

විශ‍්‍රාමික හමුදා නිලධාරීන් නීතිවිරෝධි ලෙස රුසියාවේ හමුදා රැකියා සඳහා යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 05 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර...

යුද්ධයට මැදිවූ ලාංකිකයන් බේර ගන්න රුසියාවට දූත පිරිසක්

රුසියානු යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් සොයා බැලීමට හැකි තරම් ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...