27.5 C
Colombo
Wednesday, October 4, 2023

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අතරමඟ නවතියි

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (11) පෙරවරු 11.45 ට අත්හිටුවා තිබෙනවා.

ඒ පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන්.

දෛනික සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලබන අවස්ථාවේ දී පෙර දිනයට සියලු කොටස් මිල දර්ශකය ඒකක 337.00 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 162.06 කින් පහළ ගොස් තිබුණි.

පස්වරු 12.15 ට ගනුදෙනු යළි ආරම්භ කලද පස්වරු 12.18 ට යළිත් වරක් අත්හිටුවනු ලැබීය.

ඒ අනුව දිනය තුළ සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි.

S&P SL20 දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව 7.50% ක් ඉක්මවා පහළ යාම මීට හේතුවයි.

ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී S&P SL20 දර්ශක අගය 8.13% කින් පහළ ගොස් තිබුණා.

ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී සියල කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 500.29 ක විශාල කඩා වැටීමක් වාර්තා කර තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 250.92 කින් පහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...