30.3 C
Colombo
Friday, April 26, 2024

තම වැසියන්ට එරෙහි ප්‍රහාර නැවැත්වීමට ඉදිරිපත් වන්නැයි චීනය පකිස්තාන හමුදා ලොක්කන්ට කියයි

- Advertisement -

පාකිස්තානයේ , බලුකිස්තාන් කලාපයේ චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවේ ව්‍යාපෘතිවල සේවය කරන තම තම වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට කටයුතු කරන ලෙස චීනය පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාත්‍යන්තර සහ කලාපීය ආරක්ෂක තත්ත්වයන් පිළිබඳ පාකිස්තානයේ සහ චීනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පැවති රැස්වීමකදී චීනය මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් බජ්වා, චීනයේ දී චීන හමුදාව සමඟ පැවති රැස්වීමක් අතරතුරදී මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇති බව පැවසේ.

ත්‍රස්තවාදයට එරෙහි සහයෝගිතාව වැඩි දියුණු කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී ප්‍රතිඥා දී තිබේ.

චීන ජාතිකයින්ට බලුච් කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාර පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා කර ඇති බව පැවසේ.

පාකිස්තාන රජය සමග එක්ව බලුකිස්තානයේ ස්වභාවික සම්පත් කොල්ලකෑමට චීනය උත්සාහ කරන බව පවසමින් බලුච් කැරලිකරුවෝ ගෑස් නල මාර්ග සහ විදුලි කුළුණු වැනි චීන-පකිස්තාන ආර්ථික කොරිඩෝවේ යටිතල පහසුකම් ව්‍යාපෘති සහ එහි සේවකයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරති.

RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...