32 C
Colombo
Sunday, June 4, 2023

ටෝකියෝ ඔලිම්පික් – දව⁣සේ සුවිශේෂී සිදුවීම්

- Advertisement -

Street Skateboarding ආධිපත්‍යය ජපානයට

මෙවර ඔලිම්පික් උලෙළේදී නව තරග ඉසව්වක් ලෙස එක් කළ Street Skateboarding ඉසව්වේ කාන්තා රන් පදක්කමත් දිනා ගන්නට ජපානය සමත් වුණා. ඒ 13 හැවිරිදි Nishiya Momiji විසින්.

ඇය හමුවේ පරාජය වෙමින් රිදී පදක්කමකින් සෑහීමකට පත්වන්නට සිදුවූ බ්‍රසීලයේ Rayssa Leal ද 13 හැවිරිදි වියේ පසුවන්නියක වීම විශේෂත්වයක්.

ලෝකඩ පදක්කම දිනා ගත්තේ 16 හැවිරිදි ජපානයේ Funa Nakayama.

Street Skateboarding පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙහිම රන් පදක්කම් හිමි වූයේ ජපානයටයි.

ඉතිහාසයේ පළමුවරට රනින් සැරසුණු පිලිපීනය

Hidilyn Diaz කිලෝ ග්‍රෑම් 55 බර පන්තියේ බර එසවීම කාන්තා ඉසව්ව ජයගනිමින් පිලිපීනය⁣ට ඉතිහාසයේ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා දුන්නා.

එම ඉසව්වේ රිදී පදක්කම චීනයටත් ලෝකඩ පදක්කම කසකස්ථානයටත් හිමි වුණා.

මෙවර ලෝකඩ පදක්කම දිනූ කසකස්ථානයේ Zulfiya Chinshanlo 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්වේ රන් පදක්කම හිමි කරගත්තා. නමුත් තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වීම හේතුවෙන් ඇය⁣ට එවර සිය පදක්කම අහිමි වුණා.

ඔලිම්පික් අතරේ ගෙන ආ විවාහ යෝජනාව

ආර්ජන්ටියානු කඩු හරඹ ක්‍රීඩිකා Maria Belen Perez Maurice ට සිය වසර 17ක පුහුණුකරු ටෝකියෝ ඔලිම්පික් උළෙල අතරතුර විවාහ යෝජනාවක් ගෙන ආ අපූරු සිදුවීමක්ද වාර්තා වුණා.

තෙවැනි වරට ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන Maria හංගේරියානු ක්‍රීඩිකාව සමග පැවති තරගයෙන් පරාජය වීමෙන් පසු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වන අතරතුර ඇගේ පුහුණුකරු මෙම විවාහ යෝජනාව ගෙන ආවා.

කඩදාසි කැබැල්ලක අත් අකුරින් ලියු “ඔබ මා සමග විවාහ වනවාද?” (Will you marry me?) වදන් පෙල ඇයට පෙනෙන පරිදි කැමරාව දෙසට යොමු කරමින් පුහුණුකරු මෙම විවාහ යෝජනාව ගෙන ආවා.

එය පිළිගත් Maria රූපවාහිනී සංවාදය අතරතුරම සිය පුහුණුකරු බදා සිප වැළඳ ගත්තා.

ඔලිම්පික් උළෙලක් අතරතුර විවාහ යෝජනාවක් ගෙනා පළමු අවස්ථාව මෙය නොවේ.

රියෝ ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනූ චීනයේ Qin Kai රිදී පදක්කමක් දිනූ He Zi ට විවාහ යෝජනාව ගෙන ආවේ පදක්කම් ප්‍රදානය අතරතුරයි.

එහිදී He එම යෝජනාව පිළිගනිමින් Qin අතින් ගිවිස ගැනීමේ මුදුව පළඳවා ගත්තා.

පදක්කම් සටහන – ජපානය පෙරමුණ ගනී

පළමු දින දෙක පුරාම පදක්කම් සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටි චීනය තෙවැනි තැනට පසුබස්සවමින් තුන්වන දිනය නිමාවන විට ජපානය සහ ඇමෙරිකාව පිළිවෙලින් පළමු සහ දෙවන ස්ථානවලට පැමිණියා.

ජපානය රන් පදක්කම් 8ක් රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගෙන සිටිනවා.

රන් පදක්කම් 7ක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනාගත් ඇමෙරිකාව දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

තුන්වන ස්ථානය දක්වා පසුබැස්මක් ලැබූ චීනයට තෙවැනි දිනයේදී එකදු හෝ රන් පදක්කමක් දිනා ගැනීම⁣ට හැකි වූයේ නැහැ.

ඔවුන් ලබාගෙන සිටින රන් පදක්කම් ගණන 6ක්

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.