28.9 C
Colombo
Saturday, April 27, 2024

අකුරුවත් නොදන්න මුදල් ඇමතිව පත් කළේ මෝඩ ජනාධිපති‍යි..! – විජයදාස

- Advertisement -

අද දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව තමන් දකින ආකාරයට විහිළුවක් වන අතර එයට ගමේ මරණාධාර සමිතියකට තියෙන බලය හෝ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ඊයේ (22) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මෙහිදී බලය දී ඇත්තේ පාර්ලිමේන්තුවට වන හෙයින් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සෙවීම වන අතර ඒ සඳහා කළ යුතු වන්නේ අන්තර් කැබිනට්ටුවක් මඟින් අන්තර් ආණ්ඩුවක් ඇති කරගැනීම බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

මුලින්ම කළ යුත්තේ ජනතාව බේරා ගැනීම වන බවත් අප දන්නා ඉතිහාසය තුළ මෙලෙස අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට පෝලිම්වල සිට ජනතාව මිය ගිය ඉතිහාසයක් නොතිබුණ බවයි රාජපක්ෂ මහතා සඳහන් කරනවා.

කෙසේවෙතත්, රට තුළ සිදුව ඇති විනාශයට තමන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට පමණක් ඇගිල්ල දිගු නොකරන අතර ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා කෙනෙක්ව මුදල් ඇමතිවරයා ලෙස පත්කළ මෙම මෝඩ ජනාධිපතිවරයා මේ විනාශයට වගකිවයුතුව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.

RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...