28.9 C
Colombo
Friday, April 26, 2024

උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියට යටවීම හෙළ බසට තර්ජනයක්

- Advertisement -

බොහෝමයක් උසස් අධ්‍යාපන පාඨමාලා වර්තමානයෙ වන විට ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවීම රටේ අනන්‍යතාවය ආරක්ෂා කරන ජාතික භාෂාවට බරපතළ තර්ජනයක් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා

ඒ, ආචාර්ය ඊ.එම්. රත්නපාල මහතා රචනා කළ ‘සිංහල බස් විමසුම’ ග්‍රන්තය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින්.

එමෙන්ම, විශේෂවේදී උපාධි සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මකවීම සිදු නොකළ යුත්තක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජාත්‍යන්තරයට පිවිසීමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය යැයි අනිවාර්යෙන්ම පිළිගන්නා නමුත් ඒ සෑම දෙයක් තුළින්ම සිංහල භාෂාවට හානියක් නොවී අපගේ භාෂාව ජීව භාෂාවක් වශයෙන් රැකගත යුතු බවත් එසේ නොමැතිව අපේ සිංහල සහ දෙමළ භාෂාවන් නොසලකා හැරලා වෙනත් ආදේශක භාෂා මතම පමණක් පිහිටා කටයුතු කිරීම තුළින් අපගේ භාෂාව පරිහානියට පත්වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා

අප්‍රිකාවේ ඇතැම් ප්‍රධාන භාෂාවන්ට අත්වූ ඉරණම සිංහල භාෂාවටත් අත්විඳින්න සිදුවනු ඇති බවත් ලෝකයේ බොහෝ රටවල් උසස් අධ්‍යාපනය ලබාදීමේදී තම රටේ භාෂාවේ අනන්‍යතාවයට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරගෙන යන්නාක් මෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සකස් විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...