29 C
Colombo
Saturday, May 18, 2024

ජනතාව ජයගනියි – සුඩාන අගමැති ගෙදර යයි

- Advertisement -

දිගින් දිගටම මතුවූ ජනතා විරෝධතා හමුවේ සුඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේදී සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් ඔහු බලයෙන් පහ කෙරුනා.

හමුදා කුමන්ත්‍රණයෙන් පසු, එවකට සුඩාන අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන අබ්දුල්ලා හැම්ඩොක් නිවාස අඩස්සියට පත් කිරීමට ද කුමන්ත්‍රණය මෙහෙය වු හමුදා ප්‍රධානීහු කටයුතු කරනු ලැබුවා.

කෙසේ නමුත්, පසුව ඇතිකරගත් බලය හුවමාරු කිරීමේ ගිවිසුමක් යටතේ නැවතත් තනතුරට පත් කෙරුණා.

එහෙත්, අගමැතිවරයාට එරෙහිව දිගින් දිගටම විරෝධතා පැවති අතර සුඩානය තුළ සිවිල් දේශපාලන නීතිය මුලුමනින්ම ස්ථාපිත කල යුතු බව උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම විය.

දිගින් දිගටම එල්ලවන මහජන විරෝධයත් සමග තනතුරින් ඉල්ලා අස්වීමට සූඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් තීරණය කර ඇත්තේ ඒ අනුවයි.

සුඩානය තුළ නැවත වරක් මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ 2023 වසරේ ජූලි මාසයේදීයි


RECENT ARTICLES - SINHALA

මුහුදුබඩ ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්

කල්පිටියේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ රළු මුහුදු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්...

ඉදිරි මාස දෙකේදී විදුලි බිල අඩු කරන්න පුළුවන් – අගමැති

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන මහතා මේ...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යට ගසා ඇත්තේ ගෝඨාභයයි – මුජිබර් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල ඉදිරියට යාම වළක්වාලමින් කටයුතු කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...