26 C
Colombo
Tuesday, April 30, 2024

බන්ධනාගාර තුළ සැකකරුවන්ට මුර ක්‍රමයට නිදාගන්න වෙලා

- Advertisement -

බන්ධනාගාර තුළ රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 300%කින් ඉහළ ගොස් තිබෙන බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

මෙරට තුළ බන්ධනාගාර 36ක් පවතින අතර ඒවායේ රැදෙවිය හැකි රැදවියන් සංඛ්‍යාව 12,000කට ආසන්නයි.

කෙසේවෙතත් මේවන විට බන්ධනාගාර තුළ රැදෙවියන් 31,000කට අධික සංඛ්‍යාවක් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ රැඳවියන් 670ක් පමණ රැඳවිය හැකි අතර එහි රැඳවියන් 2000කට අධික ප්‍රමාණයක් රඳවා සිටින බවට වාර්තා වනවා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ රැඳවියන් 300ක් පමණ රැඳවිය හැකි වුවත් එහි රඳවා ඇති රැඳවියන් සංඛ්‍යාව 2000කට අධිකයි.

මේ වන විට මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 670කට පමණ ඉඩපහසුකම් පැවතියද එහි රැඳවියන් 2500කට අධික සංඛ්‍යාවක් රඳවා තිබෙනවා.

රැඳවියන් 270ක් පමණ රැඳවිය හැකි ගාල්ල බන්ධනාගාරය තුළ රැඳවියන් 1100ක් පමණ රඳවා සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසනවා.

මෙම තත්වය හේතුවෙන් බොහෝ බන්ධනාගාර වල සැකකරුවන් මුර ක්‍රමයට නිදාගැනිමට සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

සෙසු බන්ධනාගාරවල ද මෙවනි තත්වයක් මතුවිම හේතුවෙන් බන්ධනාගාර නිළධාරීන්ද දැඩි අපහසුතාවකට මුහුණ දී සිටිනවා.

මෙවන් පසුබිමක බන්ධනාගාර නිළධාරීන් ගේ වැටුප් අඩු මට්ටමක පැවතිම හේතුවෙන් මේවන විට ඔවුන් සිය රැකියාව අතහැරයන තත්වයක් උද්ගතව තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...