මේ වනවිට දරුණු සටන් ඇවිලී ඇති ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් තැනිතලාවේ ගැටුම් සදහා තලේබාන් සංවිධානයේ සහයට අල්කයිඩා සංවිධානය ද එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය භයානක තත්වයක් බවත් ඉදිරියේ තවදුරටත් තලේබාන් සහ අල්කයිඩා සංවිධාන එක්ව කටයුතු කිරීමේ අවධානම මෙමගින් පෙන්නුම් කරන බවත් ආරක්ෂක විශ්ලේෂකයෝ සදහන් කරති.
තලේබාන් සංවිධානය මේ වනවිට පන්ජ්ෂීර් හැර ඇෆ්ගනිස්තානයේ සෙසු සියලුම පළාත්වල බලය තහවුරු කරගෙන තිබේ.
ඔවුන් පන්ජ්ෂීරිහි ද බලය අල්ලා ගත් බව සදහන් කළත් තලේබාන් විරෝධී උතුරු පෙරමුණ සදහන් කළේ දරුණු සටන් පවතින බව සැබෑවක් වුවත් තවමත් පන්ජ්ෂීර්හි බලය අල්ලා ගැනීමට තලේබාන් සංවිධානයට නොහැකි වී ඇති බවයි.