28.9 C
Colombo
Friday, April 26, 2024

තලේබාන්ලාගෙන් උපාධිධාරීන්ට අපූරු සැළකිල්ලක්

- Advertisement -

තලේබාන් පාලනයක් නොවූ 2000-2020 දක්වා වන වසර විස්සක කාලසීමාව තුළ ඇෆ්ගනිස්තානයේ බිහිවූ උපාධිධාරීන්ගේ කිසිදු වටිනාකමක් නොමැති බව එරට වැඩබලන අධ්‍යාපන අමාත්‍ය අබ්දූල් බාකි හක්කානි සදහන් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝ බලපෑම පැවති හමීඩ් කර්සායි සහ අශ්රෆ් ඝානි යන ජනාධිපතිවරු දෙදෙනාගේ පාලන කාලය තුළ බිහිවූ කිසිදු උපාධියක් තම පාලනය යටතේ සුදුසුකමක් ලෙස සළකනු නොලබන බවයි.

ඒ වෙනුවට ඉස්ලාම් වටිනාකම් පදනම් කරගත් අධ්‍යාපනයක් රට තුළ ස්ථාපිත කරන බවත් මේ වනවිට ඒ සදහා අලුතින් ගුරැවරුන් බදවා ගනිමින් සිටින බවත් ඔහු සදහන් කර තිබේ.

කෙසේවෙතත් විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ 2000 සිට 2020 දක්වා වූ කාලය ඇෆ්ගනිස්තාන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ස්වර්ණමය අවධිය බවයි.

මෙම කාලසීමාව තුළ දී එරට අධ්‍යාපන ක්ෂේත්‍රය විවිධ විෂයන් යටතේ ස්ත්‍රී පුරුෂ නියෝජනයක් සහිතව පුලුල්ව ක්‍රියාත්මක වී ඇති බව එම විශේෂඥයන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...