29 C
Colombo
Thursday, May 2, 2024

පාසල් වැසීම ගැන තලෙයිබාන්වරුන්ගෙන් මව්පියන්ට දොස්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ බාලිකා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් තලෙයිබාන් සංවිධානය මව්පියන්ට දොස් පවරා තිබේ.

තලෙයිබාන් සංවිධානය පවසන්නේ රට තුළ පවතින තත්ත්වය අනුව සිය දරුවන් පාසල් වෙත යොමු කිරීමට මව්පියන්ට අවශ්‍යතාවක් නොමැති බවයි.

එහෙත් ඇෆ්ගනිස්තානයේ මව්පියන් පවසන්නේ පාසැල් විවෘත කිරීමට තලෙයිබාන් සංවිධානය සූදානම් තමන් සිය දියණියන් පාසල් වෙත රැගෙන එන බවයි.

මේ අතර ඉකුත් දා තලෙයිබාන් සංවිධානයේ වැඩබලන අධ්‍යාපන අමාත්‍ය නූරුල්ලා මුනි එරට Uruzgan ප්‍රදේශයේ සංචාරය කර තිබූ අතර එහිදී බාලිකා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් විමසීමට හෝ ප්‍රදේශවාසීන්ට අවස්ථාවක් ලබා දී නොතිබිණි.

වැඩබලන අමාත්‍යවරයා සදහන් කර තිබුණේ රටේ සංස්කෘතිය කුමක්ද යන්න සියලු දෙනාට පැහැදිලි බවයි.

රට තුළ යහපත් පරිසරයක් නිර්මාණය වුවහොත් බාලිකා පාසැල් යලි විවෘත කල හැකි බව ද වැඩබලන අමාත්‍යවරයා සදහන් කර තිබේ.

එහෙත් අමාත්‍යවරයා සිය ප්‍රජාව නියෝජනය නොකරන බව Uruzgan වැසියන් පවසයි.

කෙසේවෙතත් ඇෆ්ගන් වැසියන් පවසන්නේ තලෙයිබාන් රජය ජනතාවගේ ඉල්ලීම් වලට ඇහිම්කන් දී පාසල් යළි විවෘත කළ යුතු බවයි.

ආගමික කරුණු පදනම් කර ගනිමින් තලෙයිබාන් සංවිධානය අවුරුදු 16 ට වැඩි සිසුවියන් අධ්‍යාපන ලබන ද්විතීක පාසල් වසා දමනු ලැබුවේ ජාත්‍යන්තරයේ දැඩි විවේචන මධ්‍යයේයි.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...