30 C
Colombo
Sunday, May 5, 2024

බදු ආදායම 14% දක්වා වැඩි කරනවා..! – රනිල්

- Advertisement -

රටේ දුප්පත්ම ජනතාව පවා වක්‍ර බදුවලින් 80%ක් සඳහා දායක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශය කරමින් සඳහන් කළේය.

මේ තත්ත්වය වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

“2019 බදු ප්‍රතිපත්තිවලට අනුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් බදු මගින් උපයා තිබෙනවා. නමුත් මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම 8.5% දක්වා පහත වැටුණා. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර එය 14% දක්වා වැඩි කිරීමට එකඟ වී තිබෙනවා යනුවෙන් ද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ අතර පවතින ආර්ථික අර්බුදය හමුවේ අවදානම් කාණ්ඩයේ පසුවන පවුල් සහ පුද්ගලයින් සඳහා සුබසාධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ යටතේ මිලියන 3.1ක පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

අදාළ ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන අද (06) සිට ආරම්භ කර තිබෙනවා. ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ඔක්තෝබර් 15 වනදාට පෙර www.wbb.gov.lk යන වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු බව සඳහන්.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ද එම වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...