32 C
Colombo
Friday, June 2, 2023

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

- Advertisement -

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම් විභාගයට පෙනී සිටීම හේතුවෙන්.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගය කර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහි රහසිගත තීන්දුව කථානායකවරයා වෙත යොමු කරණ බවයි අධිකරණයේ දී ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර පෙත්සම්වලට අදාළ විභාගය අවසන් කළ අධිකරණය ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන 27 වන දා වන විට ගොනුකරන ලෙස ද පාර්ශවකරුවන්ට දැනුම්දී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදය හමුවේ මෙරට බැංකු පද්ධතිය ස්ථාවර පවත්වා ගැනීමට හැකියාව ලැබුණු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින්.

ඒ අනුව ඉදිරියේ දී බැංකු පද්ධතියේ ස්ථාවර තත්ත්වයක් පවත්වාගෙන යා හැකි බවයි අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ ලොව පුරා බැංකු පද්ධති මුහුණ දෙන අභියෝග සම්බන්ධව පුවත් අසන්නට ඇති නමුත් මෙරට වාණිජ බැංකු ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ආකාරයෙන් සුදානම් බවයි.

RECENT ARTICLES - SINHALA

කාලිද් අල් අමේරි දින 3ක ලංකාවේ සංචාරයක

ලොව ප්‍රමුඛ පෙලේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයෙකු වන කාලිද් අල් අමේරි මෙම මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට නිවේදනය කර තිබෙනවා.

මාගේ සේවය රටට අවශ්‍යය නම් ඕනෑම මොහොතක ලබා දෙනවා – මහින්දානන්ද අලුත්ගමගේ

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ...

ඇමති කංචනගෙන් ඛනිජ තෙල් සේවකයන්ට විශේෂ නියෝගයක්

සියළුම ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමාණවත් අයුරින් තොග සැපයීම සඳහා මේ සති අන්තයේ දින දෙකේ දී ද ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන...

RECENT ARTICLES - ENGLISH

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...

Presidential Pardon for 440 on Poson Poya Day

0
Prisons Spokesperson Chandana Ekanayake, a group of 440 prisoners is scheduled to be released tomorrow (03) as part of a presidential pardon...

President seeks patience of Public for a little longer

0
President Ranil Wickremesinghe said by persisting a little longer on the current trajectory, an economically stable future could be achieved devoid of...