27.8 C
Colombo
Friday, April 26, 2024

ඖෂධ සහ උපකරණ හිඟයෙන් කොළඹ ජාතික රෝහලේ කටයුතු මන්දගාමී වෙයි

- Advertisement -

අද දින කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙස ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.

එම ලිපියේ දැක්වෙන්නේ මේ දිනවල පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් පරීක්ෂණාගාරවල සිදු කෙරෙන පරීක්ෂණ කට්ටල හිඟවීම නිසා මෙලෙස අත්‍යාවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් සාමාන්‍ය දෛනික පරීක්ෂණ සීමා කරන ලෙසයි.

මේ අතර, ඊයේ දිනය තුළ දී මෙරට ප්‍රධාන පෙළේ රෝහල් දෙකක් වෙන පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සහ ගාල්ල කරාපිටිය රෝහලේ සැලසුම්කල ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූයේ ද වූයේද මෙම සෞඛ්‍ය උපකරණ සහ ඖෂධවල ඇති හිගතාවය හේතුවෙන්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍යය වෛද්‍ය සැපයුම් භාරව සිටින රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළේ පේරාදෙණිය රෝහලේ උද්ගත වූ සිද්ධිය දේශපාලනික සිදුවීමක් බවයි. එම රෝහලේ අධ්‍යක්ෂවරයා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බවතටත් ඔහු චෝදනා කළා.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන එසේ පවසන නමුත්, දිවයින පුරා රෝහල් රැසක හෘද, වකුගඩු සහ පිළිකා රෝගීන්ට භාවිත කරන ඖෂධ විශාල ප්‍රමාණයක මේ වනවිට තොග අවසන් වී ඇති බවයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසන්නේ.

ඉදිරි මාස දෙක ඇතුළත තවත් ඖෂධ විශාල ප්‍රමාණයක තොග අවසන්වීමට නියමිත බවත් එම සංගමය අනාවරණ කරනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...