29.4 C
Colombo
Friday, April 26, 2024

විස්මිත ඉංජිනේරු නිර්මාණයක් වූ ‘අල්ටෙයාර්’ ගොඩනැගිල්ල විවෘත කෙරේ

- Advertisement -

කොළඹ අහස සිපගන්නා විස්මිත නිර්මාණයක් වූ අල්ටෙයාර් ගොඩනැගිල්ල ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) විවෘත කෙරුණා.

මහල් 68කින් සමන්විත බහු මහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම ගොඩනැගිල්ල සියලු පහසුකම්වලින් සමන්විතව අක්කර දෙකක භූමි භාගයක ඉදිකෙර තිබෙනවා.

මෙහි ඇති නිවාස 404 ක් මේ වන විටත් අලෙවි කර අවසන් අතර, ඒවා හිමිකරුවන් වෙත නිල වශයෙන් භාරදීම ඉදිරි සති කිහිපය තුළ දී සිදු කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

2011 වසරේදී අල්ටෙයාර් මහල් නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කරනු ලැබූවා.

එහි ඉදිකිරීම් කටයුතු 2012 දී ආරම්භ කෙරුණු අතර 2017 වසර වන විට මෙහි ඉදි කිරීම් සියල්ල අවසාන කිරීමට සැලසුම් කළ ද එහි ඉදිකිරීම් අවසාන අදියරට ළඟා වී ඇත්තේ 2020දීයි.

මෙම ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් කටයුතු කරනු ලබන්නේ ඩුබායි හි ඉදිකිරීම් සමාගමක් වන ශපූර්ජි පලංජි (Shapoorji Palanji) නමැති සමාගමකටයි.

එය ඉන්දියානු සමාගමක් වන අතර එහි අන්තර්ජාතික ශාඛා පිහිටා ඇත්තේ ඩුබායිහිය.

කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ ගංගාරාම විහාරයට මුහුණලා නවලෝක රෝහලට යාබදව අක්කර දෙකක භූමි භාගයක වර්ග අඩි මිලියන 1.5ක මෙම අසිරිමත් කුලුනු ද්විත්වය ඉදි කර තිබෙනවා.

මීටර් 240ක උසකින් යුක්ත වන මෙම ගොඩනැඟිල්ලෙහි මෙහි අධි සුඛෝපභෝගී නිවාස 404කින් සමන්විතයි

එක් කුලුනක් අනෙක් කුලුන දිශාවට අංශක 13ක ඇලවීමක් සහිතව නිර්මාණය කර තිබීම මෙම ගොඩනැගිල්ලෙහි ඇති විශේෂත්වයයි.

එක් කුලුනක් මහල් 68කින් සමන්විත වන අතර අනෙක් කුලුන මහල් 63කින් සමන්විත වනවා.

මෙම මනස්කාන්ත නිර්මාණයේ නිර්මාතෘ, ඊශ්‍රායල් සහ කැනේඩියානු සම්භවයක් සහිත ලෝක ප්‍රසිද්ධ වාස්තු විශේෂඥයෙකු වන මෝශේ සාෆ්ඩී (Moshe Safdie).

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල මෙරට විශාලතම ඍජු විදේශ ආයෝජන ව්‍යාපෘතිය ලෙසද සැලකෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...