31 C
Colombo
Saturday, May 4, 2024

මාසයක් ජීවත් වීමට අවශ්‍ය මුදල 13,138‍යි..! – වාර්තාවක් හෙළිකරයි

- Advertisement -

2022 ජූලි මාසයට අදාළව නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙය ප්‍රකාශයට පත් කරනු ලබයි.

මෙම නව දත්ත සටහනට අනුව, එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) රු. 13,138 ක් ලෙසින් දක්වා ඇත. ජාතික අගයයක් වශයෙන් දක්වා ඇති මෙම අගය පසුගිය 2022 ජූලි මාසයේ සඳහන් කර තිබූ රු. 12,444 ට වඩා 5.57% ක ඉහළ යාමකි.

මේ අනුව 2022 ජූලි මාසයේ අගය අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් තුළ සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය මුදල් රු. 52,552 කි. කොළඹ දිස්ත්‍රික්කය තුළ නම් එය රු. 56,676ක් වනු ඇත.

මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙනවෙනම ගණන් බලා ඇති අතර ඒ අනුව වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වෙන පුද්ගලයෙකු හටයි. එය රු. 14,169 කි. මෙහි අවමය ලෙසින් මොණරාගල දිස්ත්‍රික්කය දක්වා ඇති අතර එම දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ දැරීමට සිදුවන අවම වියදම රු. 12,562 කි.

2022 ජූනි මාසයේ දී මෙම අගයයන් දැක්වුණේ කොළඹ රු. 13,421 ක් හා මොණරාගල රු. 11,899 ක් වශයෙනි.

නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුව පෙර මාසයට සාපේක්ෂව 2022 ජුලි මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

2022 ජූලි මාසයට අදාළ මෙම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...