26 C
Colombo
Monday, April 29, 2024

මෙරට දී රෝගීන්ට විෂ වූ ඉන්දියානු ඖෂධය ගැන එරට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය

- Advertisement -

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු ආසාදනය වැළැක්වීම සඳහා භාවිත කරන Prednisolone – ප්‍රෙඩ්නිසොලෝන් දියර හේතුවෙන් සංකූලතා මතු වූ රෝගීන් කිහිප දෙනෙකු පසුගිය කාලයේ දී වාර්තා වුණා.
ඒ කොළඹ ජාතික අක්ෂි රෝහල, නුවරඑළිය මහ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල යන රෝහල්වලින්.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙම ඖෂධය මෙරටට ආනයනය කර තිබුණේ ප්‍රමුඛ පෙලේ ඉන්දීය ඖෂධ නිෂ්පාදකයෙකුගෙන්
සංකූලතා සහිත රෝගීන් හඳුනාගැනීමත් සමඟ කාණ්ඩ 2කට අයත් එම ඖෂධ තොග වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය දිවයින පුරා සියලු රෝහල් වෙත දැනුම් දුන්නා.

එමෙන්ම මධ්‍යම ඖෂධ ගබඩාවෙන් අදාල ඖෂධ රෝහල් වෙත බෙදා හැරීම ද මේ වන විට නතර කර තිබෙනවා.
තම ඇස්වලට සිදු වූ හානිය වෙනුවන් වන්දි ලැබිය යුතු බව සංකූලතා මතු වූ රෝගීන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
“දින 14 කට පමණ පසු සංකූලතා ඇති වීමට පටන් ගත්තා. සුද ඉවත් කරපු ඇසේ ඒක හරියට මකුලු දැලක් බැඳිලා වගේ. ඒ වගේම පෙනීමත් දුර්වල වෙන්න ගත්තා. රෝහලට ගියාම ආයෙත් ඇඩ්මිට් වෙන්න කිව්වා. අපිට වෙච්ච දේට වන්දි ඕන. මේවා ආණ්ඩුවේ වැරදි. ඒ නිසා අපිට සාධාරණ වන්දියක් ගෙවන්න කියලා ඉල්ලනවා,” සංකූලතා මතු වූ රෝගියෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.
මෙම සන්දර්භය තුළ, රෝගීන් කිහිප දෙනෙකුට සංකූලතා ඇති කිරීමට හේතු වූ ඖෂධයට විෂබීජ ඇතුලු වූ ආකාරය පිළිබඳ බොහෝ පාර්ශ්ව අවධානය යොමු කළා.

දැනට සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ‘මයික්‍රෝ-බග් බර්ක්හෝල්ඩේරියා සීපාසියා’ නම් බැක්ටීරියාවක් රෝගීන්ට සංකූලතා ඇති කිරීමට හේතු වී ඇති බවයි.
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් අදාළ ඖෂධය නිෂ්පාදනය කළ අදාළ සමාගම සමඟ සම්බන්ධීකරණයෙන් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂා කරමින් සිටින අතර තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
ඖෂධ නිෂ්පාදනයේදී, ප්‍රවාහනයේදී, ගබඩා කිරීමේදී හෝ විවෘත කිරීමේදී ඖෂධයට විෂබීජ ඇතුලු විය හැකි අතර මෙම සිද්ධියේදී ඖෂධය ප්‍රමිතියෙන් තොර වූයේ කවර අදියරේදී යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජාතික ඉංග්‍රීසි පුවත්පතකට පවසා තිබුණේ අක්ෂි දියරයෙහි තිබී හමුවූ බැක්ටීරියාව ඉන්දීය සැපයුම්කරු විසින් එවන ලද පෙර නැව්ගත කිරීමේ සාම්පල විද්‍යාගාර පරීක්ෂණවලට ලක් කළ අවස්ථාවේ අනාවරණය වී නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ, සෑම සාම්පලයක්ම පරීක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බවත්, සාම්පල සම්බන්ධයෙන් ලද වාර්තා සැලකිල්ලට ගෙන නිෂ්කාශනය සඳහා අවසර ලබා දුන් බවත්, අවාසනාවකට, සාම්පල කිහිපයක තිබී ඇති බැක්ටීරියා හේතුවෙන් සංකූලතා මතු වී ඇති බවයි.

Indiana Ophthalmics 1981 දී ආරම්භ කරන ලද්දේ විශේෂිත අක්ෂි ඖෂධ නිෂ්පාදන (අක්ෂි දියර සහ අක්ෂි ආලේපන) කෙරෙහි අවධානය යොමු කරමින්.
ඉන්ඩියානා ඔෆ්තල්මික්ස් නිෂ්පාදන මුළු ඉන්දියාව පුරා සහ ලෝකයේ රටවල් 30කට වැඩි ප්‍රමාණයක් පුරා වෙළෙඳපොල සීග්‍රයෙන් අත්පත් කර ගනිමින් සිටිනවා.
දැනට සමාගම අක්ෂි නිෂ්පාදන 135 කට වඩා වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සමාගමට 2007 වසරේ සිට WHO-GMP අනුමැතිය හිමිව ඇති අතර චිලී, ටර්ක්මෙනිස්තානය, කසකස්තානය, නයිජීරියාව, ඝානා වැනි රටවල ශක්තිමත් වෙළඳපොළක් අත්පත් කරගෙන සිටිනවා.

ඖෂධයක් හේතුවෙන් රෝගීන්ට සංකූලතා මතු වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් භාර ගන්නා බව පැවසූ කෙහෙලිය රඹුක්වැල්ල සිද්ධිය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරමින් ඉන්දියානා ඔෆ්තැල්මික්ස් නම් ඉන්දීය සමාගමට මේ සම්බන්ධයෙන් දන්වා සැපයුම්කරුගෙන් ද කරුණු විමසන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කර තිබෙනවා.
එමෙන්ම වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර එහි පළමු අතුරු වාර්තාව අමාත්‍යවරයා වෙත ලබා දී තිබෙනවා.
මෙම ඖෂධ කල් ඉකුත් වී තිබූ බවක් එහි සඳහන් නොවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඉන්දීය සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී ශ්‍රී ලංකාවේ කුමන රසායනාගාරයකදී වුවද සෑම කාණ්ඩයක්ම පරීක්ෂා කිරීමට සමාගම් නියෝජිතයන් එකඟ වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ඇතැම් අවස්ථාවල ඖෂධ ගුණාත්මක භාවයේ බිඳවැටීම් සිදුවිය හැකි බවත්, ගෝලීය වශයෙන් ද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවයි.
ඉන්දියානා ඔෆ්තැල්මික්ස් සමාගමෙන් වසර 7ක් පුරා අඛණ්ඩවම මෙම ඖෂධය මෙරටට ගෙන්වා ඇති බවයි ඇමතිවරයා පැවසුවේ.
එමෙන්ම රටවල් 54කට පමණ අදාල සමාගම එම ඖෂධය අපනයනය කරන බවත් මීට පෙර කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටකදී සංකූලතා මතු වීමේ සිද්ධීන් වාර්තා වී නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම සන්දර්භය තුළ ශ්‍රී ලංකාව ඉන්දීය සමාගමෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිනවා.
මෙරට රෝගීන් කිහිප දෙනෙකුට අක්ෂි ආබාධ ඇති වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ද දැඩි අවධානයක් යොමු කර ඇති අතර අදාළ සමාගම සමග අවශ්‍ය සම්බන්ධීකරණය කරමින් සිටින බව වාර්තා වනවා.
මේ අතර, ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන අතර මෙම හවුල්කාරිත්වය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් කුළුණක් වී ඇති බව සඳහන් කළ යුතුයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට ඉහළම ගුණාත්මක බවින් යුත් ඖෂධ අපනයනය කරන ප්‍රධානතම රට බවට ඉන්දියාව පත්ව තිබෙනවා.
විශේෂයෙන්ම ඉන්දීය ණය සහනය යටතේ දැඩි ගෙවුම් ශේෂ අර්බුදයක් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවට ලැබුණු ඖෂධ ප්‍රමාණයෙන් එය පැහැදිලි වනවා.
එබැවින් මෙම ඖෂධය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනමින් නිම කර සත්‍ය තොරතුරු නොසඟවා හෙළි කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක්.
මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසුවේ මේ දිනවල හදිසි මිලදී ගැනීම් ලෙස ඖෂධ මෙරටට ගෙන්වීම තුල මෙවැනි තත්ත්වයන් ඇති විය හැකි බවයි.
“හදිසි මිලදී ගැනීමවලදී තත්ත්ව පරීක්ෂණය සියයට සියයක් නිවැරදිව සමහර අවස්ථාවලදී සිදු කරන්නේ නැහැ. ඖෂධ නිවැරදිව කල් ඇතුව ඇනවුම් කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙන්න ඕන හදිසි මිලදී ගැනීම් සීමා කරන්න.” වෛද්‍ය චමල් සංජීව පැවසුවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...