28.9 C
Colombo
Saturday, April 27, 2024

විවේචනයට දිය හැකි හොඳම පිළිතුර සාර්ථකත්වයයි – කෙහෙළිය

- Advertisement -

විවේචනයන්ට දිය හැකි හොඳම පිළිතුර සාර්ථකත්වය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවර ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකය සඳහා රුපියල් ලක්ෂ 25ක මුදලක් මහනුවර මුස්ලිම් ප්‍රජාව මඟින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ඊයේ (17) ලබා දුන් අතර එම අවස්ථාව ඇමතූ අමාත්‍යවරයා පවසා සිටියේ කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේනම් අභියෝග ජයගැනීම දුෂ්කර කාර්යක් නොවනු ඇති බවයි.

කුමන විවේචන එල්ල වුවද කොවිඩ් වසංගතය මැඩලීම සඳහා සෞඛ්‍ය අංශ උපරිමයෙන් කටයුතු කරන බවත් ජාති, ආගම්, කුල භේද පසෙකලා සියළුමදෙනා එක්වී කටයුතු කිරීම සම්බන්ධයෙන් ආඩම්බර වන බවත් ඔහු පවසනවා.

සියළුම දෙනා ශ්‍රී ලාංකිකයන් හැටියට රට ආරක්ෂා කළ යුතුයි යන මතයේ සිට කටයුතු කිරීම ක්‍රියාවෙන් දක්නට ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...