27 C
Colombo
Saturday, April 27, 2024

හතර දෙනෙකුට මාසෙකට වැය වන වියදම මෙන්න

- Advertisement -

මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැය වන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

එම වාර්තාවලින් තවදුරටත් පෙන්වා දෙන්නේ , 4 දෙනකුගෙන් යුත් පවුලක සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 68,056 මුදලක් අවශ්‍ය බවයි.

එම දෙපාර්තමේන්තුව විසින් මෙරට නිල දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් 2024 වසර සඳහා සිදුකළ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබෙනවා.

එම සමීක්ෂණයට අනුව කොළඹ ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් 18,350ක මුදලක් වැය වන අතර, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට රුපියල් 16,248ක මුදලක් වැය වනවා.

එය මෙරට දිස්ත්‍රික්ක 25 අතරින් එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා වැය වන අඩු ම මුදල බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

2023 වසරේදී සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට රුපියල් 16,524ක අවම මුදලක් වැයවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර, මෙම 2024 වසරේදී එම වියදම රුපියල් 17,014ක් දක්වා රුපියල් 490කින් වැඩි වී තිබෙනවා.

මේ අතර, කොළඹ ප්‍රදේශයේ ජීවත්වන එක් පුද්ගලයකු සඳහා වැය වන වියදම ද පෙර වසරට (2023) සාපේක්ෂව මෙම (2024) වසරේදී රුපියල් 17,821 සිට රුපියල් 18,350 දක්වා රුපියල් 529කින් වැඩි වී තිබුණා.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව 2019 වසරේදී සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා එක් පුද්ගලයකුට වැය වී ඇත්තේ රුපියල් 6,966ක මුදලක්.

ඒ අනුව, වසර 5ක කාලය ඇතුළත එක් පුද්ගලයෙකු සඳහා වැය වන වියදම රුපියල් 6,966 සිට රුපියල් 17,014 ක් දක්වා රුපියල් 10,048ක මුදලකින් වැඩි වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන...

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කෙක් නිකුත් කළ ලිපියක් එළියට

ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට ලිපියක් නිකුත් කර ඇති බව...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...