30.3 C
Colombo
Friday, April 26, 2024

රටට වෛද්‍යවරුන් 21,059 ක් අවශ්‍යයි – ඇමති ජයසුමන

- Advertisement -

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා අනුමත කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 21,059 ක් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එමෙන්ම 2019.01.01 දිනය වන විට රාජ්‍ය සේවය තුළ සේවයේ යෙදී සිටි මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව 19,720 ක් බවත්, සෑම වර්ෂයකදීම වෛද්‍ය නිලධාරීන් 1,300 ක් රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසුවේ ඉදිරියේ දී ඇතිවන අවශ්‍යතාව අනුව එම ප්‍රමාණය වෙනස්විය හැකි බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂං සභාව 2020/21 අධ්‍යයන වර්ෂයේ සිට මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාවේදී සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය ආරම්භ කිරීමට මූලික පියවර අරගෙන තියෙනවා. එම අධ්‍යයන වර්ෂය සඳහා සමස්ත ලෙස වෛද්‍ය සිසුන් 1,864 ක් බඳවා ගන්න යෝජනා වෙලා තියෙනවා. කොළඹට 214 ක්, ජපුරට 184 ක්, කැලණියට 189 ක්, පේරාදෙණියට 225 ක්, මොරටුවට 90 ක්, යාපනයට 174 ක්, රුහුණට 250 ක්, නැගෙනහිරට 104 ක්, රජරට ට 200 ක්, වයඹට 135 ක් සහ සබරගමුවට 99 ක් හැටියට“,

RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...