28 C
Colombo
Sunday, October 1, 2023

දුෂිත ආණ්ඩුවට එරෙහිව පොලිසිය එලියට බහින දවස වැඩි ඈතක නෑ – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සාමකාමී විරෝධතාවක යෙදී සිටියදී නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා නියෝග කිරීමේ සිදුවීමක් පිළිබඳ මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා විසින් කොළඹ දකුණු දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මාරපන මහතා අමතමින් අදාළ නියෝගය ලබාදී ඇති බවත් අනීතික නියෝග පිළිපැදීමට නොහැකි බව පවසා අදාළ නිලධාරියා විසින් අමාත්‍යවරයාගේ නියෝගය ප්‍රතික්ෂේප කර ඇති බවත් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ දේශපාලනඥයන්ගේ අනීතික නියෝගයන්ට එරෙහිව කටයුතු කරන නිලධාරීන් ආරක්ෂා කිරීමට සියලු දෙනා එකට අත්වැල් බැඳ ගත යුතු බවයි.

ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට යාමේ සිදුවීම සහ වර්තමානයේ පොලිසිය දේශපාලනීකරණය වීමේ සිදුවීම් රැසක් පිළිබද කරුණු හෙළිකර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

සුදු ඉර මතදී හෙදියට වූ හදිය

පදික මාරුවෙන් ගමන් කරමින් සිටි ගැබිනියකගේ අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබු ගැබිනිය මේ වනවිට කොළඹ ජාතික රෝහලට...

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...