27 C
Colombo
Monday, April 29, 2024

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර ළිඳකින් හමුවෙයි

- Advertisement -

පදියතලාව පොලිස් වසමේ වාහන සේවා ස්ථානය ආසන්නයේ ළිඳක තිබී සැක කටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මරණකරු පසුගිය 16 වැනිදා රැකියාව සඳහා ගොස් සිට නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඊයේ (17) පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

එම පැමිණිල්ල මත සිදු කරන ලද විමර්ශනයේ දී මරණකරු සේවය කළ වාහන සේවා ස්ථානය ආසන්නයේ ළිඳක ඔහුගේ සෙරෙප්පුවක් තිබීම හේතුවෙන් ළිඳ පරික්ෂා කිරීමේ දී එම පුද්ගලයාගේ මෘත ශරීරය හමුව තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, හරස්ගල – මහඔය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පදියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...