24 C
Colombo
Sunday, December 10, 2023

ඔන්ලයින් මත්පැන් විකිණීමේ තීරණයත් රිවස්

- Advertisement -

ඔන්ලයින් ක්‍රමයට හෝ මත්පැන් අලෙවි කිරීමට අනුමැතිය ලබාදිය නොහැකි බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකාය පවසනවා.

එහි ප්‍රධානී යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට මුදල් අමාත්‍යංශය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණය සඳහා අනුමැතිය ලබාගැනීමට කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකාය වෙත එවා තිබූ බවයි.

ඒ අනුව එම බලකායේ තීරණය වූයේ ඔන්ලයින් ක්‍රමයට හෝ මත්පැන් අලෙවි කිරීමට අනුමැතිය ලබාදිය නොහැකි බවයි.

මේ වන විට මත්පැන් අලෙවි නොකරන තත්ත්වයක් තුළ සුරාබදු දෙපාර්තමේන්තුව ලබාඇති දැවැන්ත අලාභය සළකා ඔන්ලයින් ක්‍රමයට සුපිරි වෙළෙඳසැල් මාර්ගයෙන් මත්පැන් අලෙවිකිරීමට මුදල් අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ලිපියක් යොමුකර තිබුණා.

ඊට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී තිබුණද එම තීරණයට සෞඛ්‍ය අංශ දැඩිව විරෝධය පලකිරීමත් සමඟ ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකාය වෙත යොමුකර තිබුණා.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...