ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) දින නිකුත් කළ විනිමය අනුපාතිකයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිළ සහ ගැණුම් මිල පෙර දිනවලට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 319.84ක් ලෙසයි සටහන් වුණේ.
විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 335.68ක් ලෙසයි.
මේ අනුව පෙර දිනට සාපේක්ෂව අද (14) රුපියලේ අගය අවප්‍රමාණය වී තිබෙනවා.