ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
කතානායකවරයා සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132 කුත් විපක්ෂව ඡන්ද 51කුත් ලැබුණු බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාව වැඩි ඡන්ද 81කින් සම්මත වුණා.