27.9 C
Colombo
Saturday, April 27, 2024

බිරිඳ ගෙන්වා ගැනීමට දරුවාගේ ගෙළට පිහියක් තබා තර්ජනය කළ පියා අත්අඩංගුවට

- Advertisement -

සිය 5 හැවිරිදි දරුවාගේ ගෙළට පිහියක් තබා දෙදෙනා ම ජීවිතය නැති කරගන්නා බවට බිරිඳට තර්ජනය කරමින් වීඩියෝ පටයක් නිකුත් කළ පියෙකු කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට තෙමසකට පෙර විදෙස්ගත වූ බිරිඳ ගෙන්වා ගැනීමේ අරමුණින් ඔහු මෙම ක්‍රියාව සිදු කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර සැකකරු අදාළ වීඩියෝව තම බිරිඳට සහ බිරිඳ විදෙස්ගත කළ ආයතනයට යොමුකර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

පියාගේ ක්‍රියාව හේතුවෙන් එම දරුවා දැඩි ලෙස බියට පත් වී සිටින අයුරු එම වීඩියෝවේ දැක්වෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය වීමෙන් අනතුරුව කුලියාපිටිය පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන, දරුවා ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මව පැමිණෙන තෙක් ඇයගේ ඥාතියෙකු සමග යාමට අවශ්‍ය බව දරුවා පොලිසියේදී සඳහන් කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වනවා.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...